දේශීය පුවත්

මාලි රාජ්‍යයේ දී එක්සත් ජාතීන්ගේ සාම සාධක බළ ඇණිවලට ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රහාර වලින් මියගිය ලාංකික රණවිරුවන්ගේ සිරුරු පෙබරවාරි 2 වැනි දා ලංකාවට පැමිණිමට නියමිත බව යුද හමුදාව පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂ ගුවන් යානයකින් එදින පස්වරු 3.10 ට පමණ රණවිරුවන්ගේ සිරුරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට රැගෙන එන බව යුද හමුදාවේ උසස් නිලධරයකු සඳහන් කළේය.

එහිදී මියගිය රණවිරුවන් වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාරයක් ද පිරිනැමීමට නියමිතය.

පසුගිය 25 වැනි දා අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක බලඇණිවලට එල්ල බෝම්බ ප්‍රහාරයකින් මෙම ලාංකික රණවිරුවන් දෙදෙනා මිය ගියේය.

මෙලෙස මරණයට පත් වුයේ මේජර් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම හා සැරයන් එස්.එස්.විජේකුමාර යන රණවිරුවන් දෙදෙනාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More