දේශීය පුවත්

මාස 6 ක සිර දඬුවමට එරෙහිව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනය තීන්දුව ලබන 8 වනදා ලබා දෙන බව හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා මීට ටික වෙලාවකට ප්‍රකාශ කළේය.

එම තීන්දුව අද දින ලබාදීමට නියමිතව තිබිණ.

කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ තමන් තීන්දු ලබාදීමට සූදානම් නොමැති නිසා එම තීන්දුව අද දිනයේ ලබා නොදෙන බව ය

ඥානසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටි අතර නීතිපතී දෙපාර්තම්න්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියා.

පසුගිය ජුනි 14 වෙනි දින මාස හයක සිර දඬුවමක් නියම කෙරුණ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කෙරිණ.

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බවට ඔප්පු වීමෙන් පසු එහිමියන්ට සිර දඬුවමක් සහ දඩ මුදලක් නියම කරන ලදි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More