දේශීය පුවත්

රාජ්‍ය සේවය විධිමත් කිරීම වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

මධ්‍යම පළාත් අනියම් සහ ස්ථීර සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් 139 දෙනෙකු සදහා මෙහිදී ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ආන්ඩුකාරවරයා මේ බව පවසා සිටියේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ “ඔන්න ෆොන් එකේ ටුක් ටුක් ගාලා වදිනවා මැසේජ්.. ගන්නවා ෆෝන් එක.. ඊට පස්සේ යනවා ෆේස් බුක්. දැන් කල්පනා කරලා බලන්න රාජ්‍ය සේවකයෙක් පැය කීයක් හරියට වැඩ කරනවාද කියලා. වැඩ කරන මිනිහා පණ යනකම් වැඩ… නොකරන මිනිහා අයිස්.. කවුරුහරි නිලධාරියෙක් වැඩ කරන කාලසීමාව තුළ ෆේස් බුක් වගේ ඒවා පාවිච්චි කරලා මට පැමිණිල්ලක් ආවොත් එහෙම… සේවය අත්හිටුවලා තමයි විනය පරීක්ෂණය කරන්නේ. ජනතාවගේ සේවය උපරීම අන්දමින් ලැබෙන්න ඕනේ.” යනුවෙනි.

මධ්‍යම පළාතේ ප‍්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් ප‍්‍රදර්ශනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමටද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න මීට පෙර පියවර ගත් අතර මහනුවර නගරයේ වාහන තදබදය පිළිබදවද සොයා බැලීම සදහා පසුගිය දිනවල නගර මධ්‍යයේ සංචාරය කරන අයුරු දක්නට ලැබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More