දේශීය පුවත්

වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ පිහිටි පාරම්පරික දෙමළ ගම්මාන බෞද්ධ භික්ෂූන් වහන්සේ හා ආරක්ෂක අංශ එක්ව සිංහල ජනපද බවට පත් කිරීම වහාම නතර කළ යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

යුද සමයේදී මේ පාරම්පරික දෙමළ ගම්මානවල ජීවත් වූ ජනතාව ආරක්ෂාව පතා වෙනත් පළාත්වලට ගොස් ආපසු පැමිණ බලන විට ඔවුන්ගේ ගම්මානවල නම් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ කාච්චල් සමලන්කුලම් යනුවෙන් හැඳින්වූ ගම්මානය ආරක්ෂක අංශ හා බෞද්ධ භික්ෂූන් වහන්සේ එක්ව සපුමල්ගස් කඩ වශයෙන් හඳුන්වා නාම් පුවරු පවා සවිකොට ඇති බව පවසන දෙමළ ජාතික සන්ධානය මේ තත්ත්වය නිසා පාරම්පරික දෙමළ වැසියෝ දැඩි අපහසුතාවකට පත්ව සිටින බව කියා සිටියි.

මෙම ගම්මානය පමණක් නොව මේ පළාතේ ගම්මාන රැසක් නම් වෙනස් කොට ඇති බව කියන දෙමළ ජාතික සන්ධානය එම නම් තැපැල් කාර්යාලවල ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවා ලියාපදිංචි කොට තිබීම ඉතා බරපතල වරදක් බව ද කියා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More