දේශීය පුවත්

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත් වීමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බවට මහින්ද දේශප්‍රිය මහතාට පැවසීමට තිබුණේ මීට පෙර බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

ඊයේ(29) පැපිලියාන සුනේත්‍රාෙද්වී පිරිවෙනේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.

එතුමා මේ වන විට පරක්කු වැඩි බවත්, පරක්කු වී හෝ සත්‍ය තේරුම් ගැනීම වැදගත් බව ද අභයතිස්ස හිමියන් පැවසීය.

රටක ඡන්ද අයිතිය මංකොල්ල කනවා තරම් ජනතා පරමාධිපත්‍යයට හානි කරවීමක් තවත් නොමැති බව ද පැවසු උන්වහන්සේ මැතිවරණ කොමසාරිස්වරයා ගනු ලබන එම තීරණය ගැනීමට නොවැම්බර් මාසය තෙක් බලා සිටිය යුතු නොවන බවද සඳහන් කළේය.

එම තීරණය හෙට දිනයේ ම ගන්නේ නම් එය වටිනා බව ද උන්වහන්සේ පැවසීය.

කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්වරයා නොමැතිව ඡන්දයක් පැවැත්විය නොහැකි බවත්, එනිසා අදිසි හස්තයකින් එතුමාව ක්‍රියාත්මක කරනවා ද යන්න ගැටළුවක් බව ද පැවසු අභයතිස්ස හිමියන් එතුමාගේ ප්‍රකාශය තුළ ඉඟි දෙකක් ප්‍රකාශිත වන බව ද පැවසීය.

ජනාධිපතිවරණයකට පෙර මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා අස්වීම තුළ ඡන්දයකට යෑම අසීරු වන බවත්, සමාජයේ ප්‍රශ්නයක් උඩුදුවමින් සිටින විට මෙවැනි තීරණයක් ගැනීමෙන් එහි අවධානය අඩුවන බව ද සඳහන් කළේය.

මැතිවරණ කොමසාරිස්ගේ ඉල්ලා අස්වීමේ ප්‍රකාශය පිටුපස අදිසි හස්තයක් – මැදගොඩ අභයතිස්ස හිමි

Gepostet von Lanka Lead News am Dienstag, 29. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More