දේශීය පුවත්

ඥානසාර හිමිට ජනපති සමාවක්

January 29, 2019 11:59 pm | Lanka Lead News

දැනට බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අනිවාර්යෙන්ම ජනාධිපති සමාවක් ලබා දෙන බව ජනපතිවරයා තමන් සමග පැවැති සාකච්ඡාවකදී පැවසූ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති.

අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාවය සංවිධානයේ මහ ලේකම්, පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ, ඥානසාර හිමියන් මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය වී ඇති බවයි.

මේ වන විට ඥානසාර හිමියන්ට නිදහස ලබා දීමේ යම් වැඩපිළිවෙලක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වන බව ද උන්වහන්සේ සඳහන් කළේය.

පසුගිය සතියේ ජනාධිපතිවරයා හමුවී මහානායක ස්වාමීන් වහන්සේලා හා දියවඩන නිලමේවරයා විසින් ලිඛිතව කරන ලද ඉල්ලීමක පිටපත් බාර දුන් බව ද සුදත්ත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අවස්ථාවේ දී ජනාධිපතිවරයා ඉතා සන්වේදී වු බව ද පැවසු සුදත්ත හිමියන්, කෙසේ හෝ ජනාධිපති සමාව ලබා දීමට තමා කටයුතු කරන බව ද එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා පැවසු බව ද කියා සිටියේය.

එම අවස්ථාවේ දී දින පිළිබඳ සාකච්ඡාවකට පැමිණීමට නොහැකි වීම ගැටළුවක් බව ද සඳහන් කළේය.

කෙසේ නමුත් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබා නොදෙන ලෙස විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, අද වන විට ඥානසාර හිමියන් වීරයෙක් කර ඇති බවයි.

ජාතීන් අතර පොඩි පොඩි අවුල් සහගත තත්ත්වයන් ඇති වුවත්, ඒවා එතරම් විශාල නොවන බව ද කියා සිටියේය.

ජනාධිපතිවරණ පැමිණෙන මොහොතක හරි ලේසියෙන් ඥානසාර හිමියන් එදා කළ දේම සිදු කරන බව ද අජිත් ප්‍රසන්න මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More