දේශීය පුවත්

මිලේනියම් කෝපර්රේෂන් නම් ඇමරිකානු ආයතනයට තිරිකුණාමල වරාය සහ කොළඹ වරාය යා කරන විශේෂ ආර්ථික කලාපයක් සහ ඇමරකානු ගුවන් හමුදාවට සේවා සපයන කඳවුරක් නිර්මාණය කිරීමට අක්කර තිස් දහසක් ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේ පසුගිය (27) වන දා ‘රටට මොකද වෙන්නේ?’ යන මැයෙන් හංවැල්ලේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

රනිල් වික්‍රමසිංහ නව ව්‍යවස්ථාව ගෙන එන්නේ ද ඇමරිකාවට කොළඹ තිරිකුණාමලය යා කරන ආර්ථික කලාපයක් සඳහා අක්කර 30 000ක් ලබා දෙන්නේ ද සේනා දළඹුවා මර්දනය නොකර රටේ කෘෂිකර්මාන්තය අකර්මණ්‍ය කරන්නේ ද එකම ව්‍යාපෘතියක කොටස් ලෙස බව හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙයි. මෙම ව්‍යාපෘතිය පරාජය කිරීමට නම් මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එකතු කොට පුළුල් සන්ධානයක් නිර්මාණය කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ඇමෙරිකන් නීතිය ලංකාවට

''ඇමෙරිකන් නීතිය ලංකාවට – කිලෝ මීටර් 200ක් දිග ආර්ථික කලාපයක් – වැඩේට අරලියගහ මන්දිරයේ කාර්යාලයකුත් හදලා. මේ සියල්ල 30 වැනිදා ලිපි ලේඛන සහිතව රට හමුවේ තබනවා''- 2019-01-27 ජානිපෙ නායක විමල් වීරවංශ 'රටට මොකද වෙන්නේ?' – ජනහමුව හංවැල්ල

Gepostet von Wimal weerawansa am Sonntag, 27. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More