දේශීය පුවත්

ගෙන ඒමට නියමිත ව්‍යවස්ථාව ෆෙඩරල් ලක්ෂණ සහිත එකක් බවත් එය සකස් කිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධන කරන බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

යාපනයේදී පැවති උත්සවයක් අමතමින් හෙතෙම මේ බව කියා සිිටියේ ය.

“පළාත් සභාවට ලබාදෙන බලතල නැවැත පවරා ගත නොහැකි විය යුතුයි. පළාත් සභාවලට ලබාදී ඇති යම් බලතලයක් වෙනුවෙන් මධ්‍යම ආණ්ඩුවට නීති පැනවිය නොහැකි විය යුතුයි. අපගේ ස්ථාවරයේ මෙම කරුණු දෙකම සඳහන් වෙනවා. ඒ නිසයි එහි ෆෙඩරල් ලක්ෂණ තිබෙන බව අප කියන්නේ.“

“රනිල් වික්‍රමසිංහ මහතා මෙම ව්‍යවස්ථාවේ ඒකීය බව පාර්ලිමේන්තුවේ සඳහන් කර තිබෙනවා. නමුත් එය ඇතැම් සිංහල මාධ්‍ය ඕනෑකමින්ම වැරැදි ලෙස වාර්තා කොට තිබෙනවා. එවැනි ගති තිබෙන්නේ රාජපක්ෂ කණ්ඩායමටයි. ඔවුන්ට යම් බියක් තිබෙනවා මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එනු ඇති බවට.”

“පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ මධ්‍යම ආණ්ඩුවට, පළාත් සභාවට හා පොදු යන විෂයයන්වල බලතල සීමා මොනවාද කියා දක්වා නැහැ. එම සීමා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ඉදිරිපත් කෙරුණු සර්ව පාක්ෂික සමුළුවේ යෝජනා මුළුමනින්ම පිළිගන්න අප සූදානම්. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයෙන් ආරාධනා කරනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන්න සහභාගි වෙන්න කියලා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More