වසර පහක් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර සිටිම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩු පහකින් ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
වර්ෂ 2010 සිට 2015 දක්වා අවුරුදු පහක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම ගැන ඔහුට නඩු පහක් පනවා තිබුණි. එම නඩු පහටම අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29දා) නියෝග කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...