දේශීය පුවත්

පෙබරවාරි 04 වැනිදා ගාලුමුව‍ෙදාර පිටියේදී පැවැත්වීමට නියමිත ‘ජාතික දින උළෙල’ සඳහා විශේෂ ආරාධිත අමුත්තකු ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි කර නොගැනීමට රජය තීරණය කොට තිබේ.

අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ආරාධිත අමුත්තන් අසුන් ගැන්වීමේ ලේඛනයෙන් ඒ බව අනාවරණය වේ.

පෙබරවාරි 04 වැනිදා පෙ.ව. 8.50ට අරඹන එම උත්සවය සඳහා ආරාධිත අමුත්තන් සිය ආසනවල අසුන් ගන්වන්නේ පෙ.ව. 8.30 සිටය. ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා 8.30ටද, බස්නාහිර ආණ්ඩුකාරවරයා 8.32ටද, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා පෙ.ව. 8.33ටද, අගවිනිසුරුවරයා පෙ.ව. 8.35ටද, කථානායකවරයා පෙ.ව. 8.36ටද, අග්‍රාමාත්‍යවරයා පෙ.ව. 8.38ටද, මාලදිවයින් ජනාධිපතිවරයා පෙ.ව. 8.40ටද, ජනාධිපතිවරයා පෙ.ව. 8.45ටද ප්‍රධාන වේදිකාව වෙත කැඳවීමට නියමිතව තිබේ.

මේ පිළිබඳ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් විමසුවද තමන් ‘මීටින් එකක’ බව සඳහන් කිරීම නිසා ඔහුගේ අදහස් දැනගැනීමට නොහැකි වූ අතර එම අමාත්‍යාංශයේ ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතාගෙන් විමසීමට කටයුතු කළද දුරකථනයට ඔහු සම්බන්ධ වූයේ නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More