දේශීය පුවත්

දිගින් දිගටම විවේචනය නොකර හැකිනම් පැමින ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය භාරගන්නා ලෙසද තමා අර්ජුණ රණතුංග මහතාට ආරාධනා කරන බව ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. අර්ජුණ රණතුංග අමාත්‍යවරයා මීට පෙර එල්ලකළ විවේචනයකට පිළිතුරු ලබාදෙමින් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ක්‍රිකට්වල අඩුපාඩු සෙවීමට පෙර තෙල් බෙදා හැරීමේ ගැටළුවලට විසඳුම් ලබාදියයුතු බවයි. වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වීම ගැන ලැජ්ජාවෙන බව අර්ජුණ රණතුංග අමාත්‍යවරයා කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමා ලජ්ජාවට පත්වූයේ මිනිසුන් ඉන්ධන පිරවුම්හල්වල තෙල් පොලිම්වල සිටිනවිට බවයි. අර්ජුණ රණතුංග අමාත්‍යවරයා වරාය විනාශ කිරීමෙන් අනතුරුව දැන් තෙල් විනාශ කිරීමටද පැමිණ ඇති බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More