රටපුරා විවෘතව පවතින සුරාසැල්වලින් 90%ක අයිතිය ඇත්තේ දේශපාලනඥයන්ට බව සබරගමු පළාත් මහතා පැවසීය.
ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ, පසුගියදා රත්නපුර හිදැල්ලන සීවලී මධ්‍ය විද්‍යාලයේදී ‘මත්ද්‍රව්‍ය නිවාරණ සතිය’ නිමිත්තෙන් පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.
දේශපාලනඥයන් මත්පැන් අලෙවි කිරීම නැවැත්වූ විට සුරා සැල්වලින් 90%ක් වසා දැමිය හැකි බවද ඔහු පැවැසීය. මත්උවදුර දුරු කිරීම සඳහා මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට දේශපාලන අධිකරියේ ඍජු සහ වක්‍ර මැදිහත්වීම වහා නැවැත්විය යුතු බව තමන්ද පිළිගන්නා බව පළාත් ආණ්ඩුකාරවරයා පවසා සිටියේය.
නීත්‍යනුකූල මත්ද්‍රව්‍යවලින් රජය ලබන ආදායමට වඩා මත්ද්‍රව්‍ය භාවිතයෙන් පැන නගින ගැටලු සඳහා විසඳුම් හා පිළියම් වෙනුවෙන් විශාල පිරිවැයක් රජයට දැරීමට සිදුව ඇති බවත්, එම පිරිවැය ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ සදාචාර යන ක්‍ෂේත්‍ර රැසක දැවැන්ත පරිහානියට මුල්වන බවද ධම්ම දිසානායක මහතා පෙන්වා දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...