දේශීය පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ෆෙඩරල් ලක්ෂණවලින් සමන්විත වන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අවධාරණය කර ඇත.

තමිල් අරසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පෙරේදා (26දා) කොළඹදී පැවැති අතර එහිදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවේ ඔහු මේ බව කියා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මඟින් හා විශේෂඥ කණ්ඩායම් මඟින් සකස් කරන ලද වාර්තාවල ෆෙඩරල් ලක්ෂණ දක්නට ලැබෙන බවද මෙහිදී සම්පන්දන් මහතා පෙන්වා දී ඇත.

ඔහු අවධාරණය කර ඇත්තේ බලතල බෙදාහැරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිදුව තිබෙන බවත් මධ්‍යම ආණ්ඩුවට යළි පවරා ගත නොහැකි ලෙස පළාත් සභාවලට බලතල බෙදී ගොස් ඇති බවත්ය.

පාලනය කේන්ද්‍රගතව තිබීම හේතුවෙන් එය “ඔට්‍රියාච්චි” ලෙස හැඳින්විය හැකි අතර බලතල බෙදී තිබීම “කුට්ටයාච්චි” හෙවත් ෆෙඩරල් ලෙස හැඳින්විය හැකි බවද එය මනාව තේරුම් ගත යුතුව තිබෙන බවද ඔහු සඳහන් කර ඇත.

සංකල්ප හා වචන වෙනුවෙන් හිතුවක්කාරී නොවිය යුතු අතර උතුරු නැඟෙනහිර පළාත් ජනතාවගේ සැබෑ තත්ත්වය තේරුම් ගෙන කටයුතු කළ යුතුව තිබෙන බවද මන්ත්‍රිවරයා මධ්‍යම කාරක සභාවට පැහැදිලි කරදී තිබේ.

තත්ත්වය එසේ තිබියදී එක් එක් අය තමන්ට හැඟෙන ප්‍රකාශ සිදු නොකළ යුතු බවද එම ප්‍රකාශ දකුණේ ඇතැම් පාර්ශ්ව තම සටන් පාඨ බවට යොදා ගැනීමට උත්සාහ කරන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මව්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More