දේශීය පුවත්

මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සිදුකරන අය සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

‘ජනපති ප්‍රශංසා’ සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ , කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට සහ රට පුරා පවතින පොලිස් ස්ථානවල නිලධාරීන් විශාල පිරිසක් අගයා මෙහිදී සම්මාන පිරිමිනැමිණි.

මත්ද්‍රව්‍ය නිවාරණය හා අපරාධ මැඬපැවැත්වීමට සම්බන්ධ වූ පොලීසියේ 1034 කට ජනපති සම්මාන හා ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

2015 ජනවාරි 14 වන දින සිට 2019 ජනවාරි 14 වන දින දක්වා කාලපරිච්ඡේදය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සකී‍්‍රය ලෙස දායක වී ඇති නිලධාරින් සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුන සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා සකී‍්‍රයව දායක වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 1034 දෙනෙකු වෙත මෙහිදී ජනාධිපතිවරයා අතින් පදක්කම් සහ ප‍්‍රශංසා සහතික පිරිනැමේ.

කාණ්ඩ 03 ක් යටතේ මෙම ඇගැයිම් සම්මාන පිරිනැමෙන අතර ජනාධිපති පොලිස් වීරතා පදක්කම, පදක්කම්ලාභීන් 15 දෙනෙකු වෙතත්, පොලිස් දක්ෂතා පදක්කම පදක්කම්ලාභීන් 59 දෙනෙකු වෙතත් පිරිනැමෙන අතර ඉතිරි පිරිස වෙත ජනපති ප‍්‍රශංසා සහතිකපත් පිළිගැන්වීම සිදු කෙරේ.

“සුරක්ෂිත හෙටක් – මෛතී‍්‍ර පාලනයක්” තේමාව යටතේ මතින් නිදහස් රටක් උදෙසා කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ද ප‍්‍රකාශයට පත් කරමින් පුළුල් වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපය තුළ කි‍්‍රයාත්මක කෙරිණි.

එහි ප‍්‍රධාන වැඩසටහනක් ලෙස මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මෙහෙයවීමෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබේ.

“මෛතී‍්‍ර පාලනයක් – ස්ථාවර රටක්” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුකූලව මතින් නිදහස් ශ‍්‍රී ලංකාවක් බිහිකිරීම මඟින් ආර්ථික, සමාජයීය, සංස්කෘතික වශයෙන් සංවර්ධනයට අදාළ පසුබිමක් සකස් කර තිබේ. මද්‍යසාර, දුම්කොළ හා නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිතය ක‍්‍රමානුකූලව අඩුකිරීමෙන් සහ ඒවා භාවිතයෙන් වන හානිය අවම කිරීම මගින් සියලු ශ‍්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම දියුණු කිරීමත්, නිෂ්පාදන ඵලදායිතාව වැඩි කිරීමත්, දිළිඳුකම පිටු දැකීමත් අපේක්ෂා කෙරේ.

2014 වසරට සාපේක්ෂව 2020 වන විට ශ‍්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප‍්‍රවාහනය හා අලෙවිය 80‍% ක් පමණ අඩු කිරීමේ අරමුණ පෙරදැරිව ජනාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණයෙන් යුතුව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය පිහිටුවා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More