ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත් වීමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බව මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
ජනාධිපතිවරණය කලින් පැවැත් වීම ගැටළුවක් නොවන බවත්, නොවැම්බර් මස 9 වන දින සිට දෙසැම්බර් මස 9 වන දක්වා වු කාලය තුළ එනම් නොවැම්බර් 10 ට පෙර පළාත් සභා මැතිවරණය පැවැත් වීමට නොහැකි වුවහොත් එයට විරෝධය පළ කිරීමක් ලෙස තමා මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් වෙන බව මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
කොමිසම් සභාවේ සිටින නමුත් සභාපතිධූරය අතහරින බවද ඔහු සඳහන් කරයි.
තමාද රටේ පුරවැසියෙක් වන බැවින් එවැනි ප්‍රකාශයක් සිදු කරන බව ද පැවසු දේශප්‍රිය මහතා, තමාගේ හෘද වස්තුවක් මෙම ඡන්දය කල්දැමීම තුළින් වේදනාවට පත්වන බව කියා සිටියේය.
ඡන්දය සම්බන්ධයෙන් සාකච්ඡාවලට තමා දිගින් දිගටම සම්බන්ධ වු බවත්, සෑම දේශපාලන පක්ෂ නායකයෙක්ම මෙය පැවැත්විය යුතු බව සඳහන් කලත් සමහරු තමන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරන බව කියා සිටින බව ද පැවසීය.
කාගේවත් “ඇජෙන්ඩාවලට ඡන්දෙ තියන්න මහින්ද දේශප්‍රිය මේ පුටුවේ වාඩි නොවන “ බව ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
පළාත් සභා මැතිවරණය පිලිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාව (LIVE) #live #election
Gepostet von ඒෂියන් මිරර් – Asian Mirror am Sonntag, 27. Januar 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...