දේශීය පුවත්

පසුගිය දා හම්බන්තොට වීරවිල ගෝනගමුව ප්‍රදේශයේ කෝන්වැලැන ග්‍රාමනිලධාරී වසමේ දී තරුණයන් තිදෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කරන ලද 14 හැවිරිදි පාසැල් දැරිය රොහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළුකර සිටියදී මිය ගොස් ඇත. තම පෙම්වතා හා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු විසින් තමන් දූෂණය කළේ යයි ලිපියක් ලියා තබා නිවස පිටුපස ගසක ගෙල වැලලාගෙන මිය යාමට උත්සාහ දරද්දී නිවැසියන් විසින් ඇය බේරාගෙන රෝහල් ගත කර තිබුණි.
මේ වන විටත් අදාළ තරුණයන් තිදෙනා පොලීසිය විසින් අතඅඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි. අදාළ සමූහ දූෂණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ ඇගේ පෙම්වතාට සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකුටය. පසුගිය 09 වැනිදා රාත්‍රියේ දැරිය සමූහ දූෂණයට ලක්වන්නට ඇති බවට පොලීසිය සැක කරන අතර අදාළ තරුණයන් දැරියගේ නිවස ආසන්න ස්ථානයක මත්පැන් පානය කර ඉන් පසුව දැරිය දූෂණයට ලක්කරන්නට ඇති බව හෙළිවී ඇති තොරතුරු වල සඳහන්ය. මෙම දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති තිදෙනා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකුගේ සමීපතම ආධාරකරුවන් බව වාර්තාවේ. මේ වන විටත් මෙම සිද්ධියට සහ අමාත්‍යවරයාට එරෙහිව හම්බන්තොට වීරවිල ගෝනගමුව ප්‍රදේශයේ කළු කොඩි ඔසවා ඇති බවද දැනගන්නට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More