විදේශ පුවත්

වෙනිසියුලානු මිත්‍ර පාක්ෂිකයන් මෙහෙහෙයවනු ලබන රුසියාව සහ චීනය යන ප්‍රධාන මිත්‍ර පාක්ෂිකයෝ වෙනිසියුලාව මුහුණදෙන අර්බුදයේ දී විපක්ෂනායක ජුවන් ග්වයිඩෝගේ රජය බිඳවැට්ටවීමට ගන්නා ක්‍රියාමාර්ග වලට සහයෝගය නොදෙන ලෙසටත් වෙනිසියුලාවේ කටයුතු වලට මැදිහත් නොවන ලෙසටත් ඇමෙරිකානු එක්සත් ජනපදයට අනතුරු අඟවති.

රුසියානු ජනාධිපති ව්ලද්මීර් පුටින් වෙනිසියුලානු ජනපති නිකොලොස්හා මදුරෝ වෙත දුරකථනයෙන් අමතමිනි වර්තමානයේ වෙනිසියුලාව මුහුණ දෙන දේශපාලන අර්බුදයේදී රුසියාවේ ශක්තිමත් සහයෝගය ලැබෙන බව පවසා ඇති බව වාර්තා වේ.

මේ අතර රුසියාව ක්‍රෙමිලින පාලනයෙන් නිකුත් කර ඇති නිවේදනයක රුසියානු ජනපති වරයා වෙනිසියුලාව සම්බන්ධව අදහස් දක්වමින් ”විනාශකාරී විදේශ ඇඟිලිගැසීම් අමු අමුවේ ජාත්‍යන්තර නීතියේ සදාචාර ධර්මය විනාශ කර ඇත” යනුවෙන් ප්‍රකාශ කළ බවයි.

මේ අතර පසුගිය දෙසැැම්බර් මාසයේ දී රුසියාව න්‍යෂ්ඨික ශක්තිය සහිත tu-160 වර්ගයේ බෝම්බ දෙකක් වෙනිසියුලානු රජයේට සපයා දුන් බවට තහවුරු කළේය.

මේ අතර චීනය පවසා සිටින්නේ වෙනිසියුලාවට තමා රජයේ ස්වාධීනත්වය ස්වෛරීත්වය සහ යහපැවැත්ම වෙනුවෙන් ගන්නා ඕනෑම උත්සාහයට තම රටේ සහයෝගය දක්වන බවයි.

මේ අතර චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ ”බාහිර මැදිහත් කරුවන්ගේ මැදිහත්වීම් හෝ බාහිර සම්බාධකවලින් තත්ත්වය තව තවත් නරක අතට හැරෙනවා මිස ඇත්ත ප්‍රශ්නය විසඳා ගැනීමට උපකාරී නොවන්නේය” යනුවෙනි

– ජීවන්ත ජයතිස්ස

මූලාශ්‍ර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More