දේශීය පුවත්

ජාතික ආණ්ඩුවක් ඇති කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සම්මත කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මෙම කටයුත්ත සිදුවනු ඇති බවද වාර්තා වෙයි.

ජාතික ආණ්ඩුව සඳහා දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් එක්කර ගැනීමට මෙහිදී අවධානය යොමු වී ඇත.

ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය දැනට හිමිව ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 108ක් වන අතර දෙමළ ජාතික සන්ධානය සිය ඡන්දය ලබා දෙන්නේ ඔවුන් විසින් තීරණය කරන ලද අවස්ථාවන්හිදී පමණි.

මේ තත්ත්වය මත ඉක්මනින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුවේ බහුතර බලය සහතික කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

මෙමගින් කැබිනට් ඇමතිධූර සංඛ්‍යාව ද 45 දක්වා ඉහළ දමා ගැනීමට ද හැකියාව ලැබෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More