මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල යෙදී සිටි ශ‍්‍රී ලාංකික හමුදා භටයන්ට එල්ලවූ ප‍්‍රහාරය යුද අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේ මහතා ප‍්‍රකාශ කරයි.
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නියුතු ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් කීරනා (Keeran) ප‍්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී මාලි රාජ්‍යයේ වේලාවෙන් පසුගිය 25 වැනිදා පෙරවරු 6.00 ට පමණ අධිබලැති පුපුරන ද්‍රව්‍ය ප‍්‍රහාරයකට ලක්වී පොළොන්නරුව ප‍්‍රදේශයේ පදිංචි 11 වන ශ‍්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව රාජකාරි කළ කපිතාන් එච්. ඩබ්ලිව්. ඞී. ජයවික‍්‍රම සහ පොල්පිතිගම, තලකොලවැව ප‍්‍රදේශයේ පදිංචි 1 වන ශ‍්‍රී ලංකා යාන්ත‍්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කළ කෝප‍්‍රල් එස්. එස්. විජේකුමාර යන මහත්වරු ජීවිතක්ෂයට පත් වූහ.
එමෙන්ම, පන්විලතැන්න ප‍්‍රදේශයේ පදිංචි 1 වන ශ‍්‍රී ලංකා ඉංජිනේරු බළකායට අනුයුක්තව රාජකාරි කළ කෝප‍්‍රල් එම්. ජී. එස්. කුමාරසිංහ, කනන්තොට ප‍්‍රදේශයේ පදිංචි 1 වන ශ‍්‍රී ලංකා ඉංජිනේරු බළකායට අනුයුක්තව රාජකාරී කළ ලාන්ස් කෝප‍්‍රල් කේ. සී. පුෂ්පකුමාර සහ මහව, කැකුණාව ප‍්‍රදේශයේ පදිංචි 12 වන ශ‍්‍රී ලංකා ඉංජිනේරු බළකායට අනුයුක්තව රාජකාරී කළ ලාන්ස් කෝප‍්‍රල් සී. එච්. එම්. සී. චන්ද්‍රසේකර යන සෙබළු මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටිති.
මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය පතන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා නිවේදනය කර ඇත.
– Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...