දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම් සහිතව ඡුායාරූප ගත් වවුනියාවේ තරුණයන් හය දෙනකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු පළාතෙන් පලාගොස් ඇති බවට තොරතුරු ලැබීම නිසා ආරක්ෂක අංශ ඔහුගේ නිවස පරීක්ෂා කර ඇති අතර එල්.ටී.ටී.ඊ. සැකකරුගේ ලැප්ටොප් පරිගණකය හමුවී ආරක්ෂක අංශ විසින් එය අත්අඩංගුවට ගෙන තිබේ.

එම ලැප්ටොප් පරිගණකය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම ඡුායාරූප හමු වී ඇති අතර එසේ ඡුායාරූප ලබාගෙන ඇති තරුණයින් විසි එක් දෙනකුගේ ඡුායාරූප එම ලැප්ටොප් පරිගණකයේ තිබී ඇත.

එම තරුණයන්ගේ විස්තර සොයා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර ඒ මෙහෙයුමේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ තරුණයන් හය දෙනකු පමණකි.

අත්අඩංගුවට පත් තරුණයන්ගෙන් ආරක්ෂක අංශ ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ සෙසු තරුණයන් ගැන තමන් විස්තර නොදන්නා බවයි. නමුත් ආරක්ෂක අංශ කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම තරුණයන් මේ වන විට අතුරුදන්ව සිටින බවයි.

අදාළ ලැප්ටොප් පරිගණකයේ තිබූ ඡුායාරූපවලට අනුව එම ඡුායාරූප ගෙන ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිල හැඳුනුම්පත් සැකසීම සඳහා බවට ආරක්ෂක අංශ සැකකරයි.

එම සැකය ඔස්සේ අත්අඩංගුවට පත් තරුණයන්ගෙන් ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ඔවුන් පවසා ඇත්තේ මෙම ඡුායාරූප හා යුද පුහුණුව ලබන බව දැක්වෙන ඡුායාරූප ලබාගෙන ඒවා විදේශ රටවලට යවා මුදල් ලබා ගැනීම සඳහා එක් අයෙකු විසින් කටයුතු කරගෙන යන බවයි.

තරුණයන් විසින් කියා සිටින ලද එකී පුද්ගලයා පිළිබඳව ආරක්ෂක අංශ විසින් තොරතුරු විමර්ශනය කිරීමේදී හෙළි වී ඇත්තේ එම පුද්ගලයා වවුනියාව පුතූර් ප‍්‍රදේශයේදී බෝම්බ මල්ලක් දමා පැන ගිය එල්.ටී.ටී.ඊ. ප‍්‍රධාන සැකකරු දුරකථනයක ආධාරයෙන් මෙහෙයවන ලද ශංකර් නමැත්තා බවයි.

මේ නිසා අත්අඩංගුවේ සිටින තරුණයන් පවසන අන්දමට ඡුායාරූප ගෙන ඇත්තේ විදේශ රටවල්වල සිටින දෙමළ සංවිධාන රවටා මුදල් ලබා ගැනීමට නොවන බවට ආරක්ෂක අංශවලට සැකයක් පහල වී තිබේ.

මේ සම්බන්ධයෙන් වවුනියාවේ ආරක්ෂක අංශ විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More