ව්‍යාපාරික පුවත්

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (කෝප් කමිටුව), රාජ්‍ය ආයතන 17කට අදාළව සිදු කරන ලද විමර්ශනයේ වාර්තාව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය වසරේ මාස 09 ක් තුළ රුපියල් බිලියන 40 ක පාඩුවක් ලබා ඇති ශ්‍රීලංකන් ගුවන්සේවය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට සූදානම් බවයි.

“2014 මිලියන 32,357 ක්, 2015 මිලියන 16,000 ක්, 2016 මිලියන 12,000 ක්, පහුගිය මාස 09 මිලියන 40,000 ක් ශ්‍රීලංකන් ගුවන් සමාගම පාඩු ලබලා තියෙනවා. අපි මේ රු. 1,000 ක වැටුපක් දෙන්න බැරුව වතුකරේට, සේනා දළඹුවා මර්දනය කර ගන්න බැරුව කෑගහනවා, නමුත් කෝටි ගණනික් අපේ රටේ රාජ්‍ය ආයතනවල, රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබනවා. මේ පිළිබඳවත් විශේෂ අවධානය මේ පාර්ලිමේන්තුව යොමු කරන්න“, හඳුන්නෙත්ති මහතා පැවසීය.

මේ අතර රුපියල් මිලියනය ඉක්මවා මාසික වැටුප් ලබන නිලධාරීන් 190 දෙනෙකු ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි සේවය කරන බව ඊයේ පාර්ලිමේන්තුවට ලබා දෙන ලද වාර්තාවේ සඳහන් වේ. එසේම මෙම නිලධාරීන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ද කෝප් කමිටුව මෙහිදී විමර්ෂනය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More