දේශීය පුවත්

පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට ඒ සඳහා පත් කළ විමර්ශන කමිටුව විසින් චෝදනා එල්ල කර ඇත.

2018 වසරේ නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුව තුල ඇති වූ අදාල ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ විමර්ශන කමිටුව මෙම මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ල කර ඇති බව වාර්තා වෙයි.

එම ගැටුම්කාරී තත්ත්වය විමර්ශනය කිරිම සඳහා කථානායක කරූ ජයසූරිය මහතා විසින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබූ අතර අදාල කමිටුව පසුගිය 22 වන දින සිය වාර්තාව කථානායක කරූ ජයසූරිය මහතාට භාරදී ඇත.

මන්ත්‍රීවරුන් 59 දෙනෙකු පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ වගන්තිවලට එරෙහිව කටයුතු කර ඇති බවට එම වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇති බව බී.බී.සීය පෙන්වා දෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 04 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවර‍යෙකු එම චෝදනා ලැබූ මන්ත්‍රීවරුන් අතර සිටි.

අදාල වාර්තාවට අනුව වැඩිම වාරයක් නම සදහන්ව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරගේ වන අතර චෝදනා 12කට ඔහුගේ නම සඳහන් වී ඇත.ඊට අමතරව වැඩිම වාර සංඛ්‍යාවක් චෝදනා එල්ල වි ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදය ශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනාටය.

මෙම දින තුන තුළ සිදු වූ දේපලහානිය රුපියල් තුන් ලක්ෂ විසි පන්දහසක් ලෙස තක්සේරු දෙපාර්තමේන්තු ඇස්තමේන්තු කර ඇති බව ද කථානායකවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More