දේශීය පුවත්

දකුණු ඉන්දියාවේ පුහුණු කඳවුරු කිහිපයක කොටි ත්‍රස්තවාදීන් 25කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පුහුණුව ලබමින් සිටිති. ඔවුන් මෙම වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බැවින් පැමිණි වහා උතුරු පළාත කේන්ද්‍ර කරගෙන දැවැන්ත ප්‍රහාර හතරක් එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි තොරතුරු වාර්තා වේ. කොටි සංවිධානයට සාමාජිකයින් බඳවා ගැනීම සඳහා ප්‍රචාරක මෙහෙයුමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේදී පුපුරන ද්‍රව්‍ය අඩංගු බෑගයක් අතහැර පලාගිය නන්දයියා ආනන්ද රාසා සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනයේදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් හයදෙනාගෙන් මෙම තොරතුරු හෙළිව ඇත.

මීට අමතරව තෙලිප්පලෙයි කිලිනොච්චි වඩුක්කොඩෙයි, නෙදුන්කෙනි ආදී ප්‍රදේශ ගණනාවකින් වයස අවුරුදු 17-25 අතර තරුණයින් පහළොස් දෙනකුට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලයේ අතුරුදන් වී ඇති බවත් ඇතැම් දෙමාපියන් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවත් වාර්තා වේ.

දැනට ඉන්දියාවේ පුහුණුවීම්වල නිරත කොටි සාමාජිකයින් මෙරටට පැමිණි පසු උතුරේ ද පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය සාමාජිකයින් බඳවා ගැනීම සඳහා සිය ශක්තිය පෙන්වීමට මෙලෙස ප්‍රහාර වැලක් එල්ල කිරීමට සැලසුම් කර තිබේ.

එ් අනුව වව්නියාව නගරය කේන්ද්‍ර කරගෙන සිංහල ජාතිකයින් ඉලක්ක කර එක් ප්‍රහාරයක්ද, වව්නියාව පොලිසියේ නිලධාරීන් වැඩිපුර ගැවසෙන ස්ථානයකට තවත් ප්‍රහාරයක්ද, මඩු ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක සෙබළුන් එළියට ගොස් පැමිණෙන විට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමටද සැලසුම් කර ඇත. ඊට අමතරව දෙමළ ඩයස්පෝරාවේ ඉලක්කයක් වී ඇති දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකුටද ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව එම ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් හිටපු කොටි සාමාජිකයින් වන අතර දැනට ඉන්දියාවේ සිට පුහුණුවන කොටි සාමාජිකයින්ට නායකත්වය ලබා දෙන්නේ රංගන් හා ඉන්බන් යන හිටපු ප්‍රබල කොටි සාමාජිකයින් දෙදෙනා බවට බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත.

ඔවුන් යුද සමයේ අවසන් කාලයේ ඉන්දියාවට පැන ගොස් සැඟවී සිට ඇති අතර ඩයස්පෝරාවේ වුවමනාවට මෙතෙක් කලක් ඉන්දියාවේ රැඳී සිට තිබේ.

පුලසන්කුලමේ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ බෑගය රැගෙන ආ ආනන්දරාසා තවදුරටත් මන්නාරම ප්‍රදේශයේ සැඟවී සිටින අතර ඔහු 2002 දී බෝම්බ ළඟ තබා ගැනීමේ සිද්ධියකට බන්ධනාගාරගතව සිටි අයෙක් බවටද හඳුනාගෙන තිබේ.

මීට අමතරව පසුගිය 21 වැනි දින යාපනයේ තෙලෙජ්ජිලේ ප්‍රදේශයේදී පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් ජී. සුදාන් නමැති කොටි සාමාජිකයාද 2007 දී බෝම්බ පිපිරීමකින් දකුණු පාදය අහිමිවී ඇති අයෙකි. පසුගිය 29 වැනි දින මන්නාරම පේසාලේ ප්‍රදේශයෙන් අවි ආයුධ තොගයක් සොයා ගැනීමටද පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය.

මෙවන් තත්ත්වයක් මත පසුගිය 20 වැනි දින ඉන්දියාවේ සිට බෝට්ටුවකින් පැමිණි තරුණයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන කන්කසන්තුරේ පොලිසියට භාරදී තිබේ. ඔවුන් අවුරුදු 22 – 25 අතර වන වැල්වැටිතුරේ හා චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

යුද හමුදා, නාවික, මෙන්ම ත්‍රස්ත විමර්ශන නිලධාරීන් ඒකාබද්ධව මෙය විමර්ශනය කළ යුතු මොහොතක ඒ සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රදේශවල පොලිසිය මගින් විමර්ශනය කිරීම නිසා හෙළි කර ගැනීමට ඇති තොරතුරු රැසක් ගිලිහී යනු ඇති බව බුද්ධි අංශ වැඩිදුරටත් අනාවරණය කරයි.

චමින්ද සේනාරත්න
– aruna.lk



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More