ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරමින් ඉන්දීය සාගරයේ ඇති සිය යුද නැව්වලට උපකරණ සැපයීමේ මෙහෙයුම ආරම්භ කර ඇත.
මෙම මෙහෙයුම සඳහා උපකරණ රැගත් ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා කටුනායකට පැමිණේ.
එහෙත් එම ඇමෙරිකානු නාවික ගුවන් යානාවලින් ගෙන එන උපාංග සහ භාණ්ඩ පරීක්‍ෂා කිරීමට ශ‍්‍රී ලංකාවේ රේගුවට, හමුදාවට හෝ පොලිසියට අවසර නැත. මෙම නාවික ගුවන් යානා පසුගිය සිකුරාදා කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබේ. ඒ සී. 40 වර්ගයේ හර්කියුලස් යානායි.
කටුනායකට ගෙන එන භාණ්ඩ ඉන්දීය සාගරයේ ඇති ජෝන් ස්ටෙන්නිස් නමැති න්‍යෂ්ටික බලයෙන් ක‍්‍රියාකරන යෝධ ගුවන් යානා ප‍්‍රවාහන නැවට ද සැපයේ.
පසුගිය වසරේ අගෝස්තු 28 දා කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ශ‍්‍රී ලංකා රජය අතර ඇති වූ එකඟතාව මත ඇමෙරිකානු නාවික හමුදාවේ යානාවලට ජාත්‍යන්තර ගුවන්තොටුපළක් වූ කටුනායක වෙත පැමිණීම සඳහා රජය අවසර දී තිබේ.
මෙම භාණ්ඩ ප‍්‍රවාහන මෙහෙයුම ජනවාරි 29 දා දක්වා ක‍්‍රියාත්මක වේ.
මේ බව කොළඹ ඇමෙරිකානු තානාපතිනිය හෙළිකර ඇතත් ශ‍්‍රී ලංකා රජය අනාවරණය කර නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...