ව්‍යවස්ථා ක්‍රියාවලියේ අන්තර්ගතය ගත් විට එමගින් බුදු දහමට මුල්තැන දීම, ඒකීයභාවය රැක ගැනීම වැනි වචන හරඹ වලට පමණක් සීමාවූ ලිිියවිල්ලක් බව අස්ගිරි විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමයෝ පවසති.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ(24) පස්වරුවේ ජාතික සමතා බලවේගය විසින් කැදවා තිබූ ජාතික නියෝජිත සමුළුවට එක්වෙමිනි.
ව්‍යවස්ථා ක්‍රියාවලියේ ඉතිහාසය, වර්තමානය සහ අනාගතයේ එය අවසන් වන ආකාරය පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ විජාතික බලවේගවල උවමනාවට සිදුවන මෙම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පරාජය කිරීම සදහා සියලු ජාතික බලවේග පෙළගැස්විය යුතු බවය.
ව්‍යවස්ථා කෙටුම්පතක් තවම නැහැ කියලා අගමැති කියනවා. ඒත් රූපවාහිනි වැඩසටහන්වලට ඇවිත් මෙය වාර්තාව නමින් හඳුන්වන කෙටුම්පතක් කියලා එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රිතුමා පිළිගත්තා. ඒ අනුව බෙදුම්වාදයේ පීතෘවරුන් විසින් ව්‍යවස්ථාව කෙටුම්පත් කර ඇති බව පැහැදිලියි.
මේ රටේ කිසිදු දේශපාලනඥයකු පිළිබඳ ප්‍රමාණය ඉක්මවා විශ්වාසයක් තියාගන්න එපා. නව ව්‍යවස්ථාව ශ්‍රී ලනිප එකතු කරපු යෝජනාවල 13+ සඳහන් වෙලා තියෙනවා.
අපට වුවමනා කරන්නේ බලය ආපසු ගන්න බැරි පළාත් සභා ක්‍රමයක් කියලා සුමන්තිරන් මන්ත්‍රිතුමා ලේක්හවුස් පුවත්පතකට කියා තිබුණා. ඒකීය කියන වචන තිබුණට කමක් නැහැ කියලත් බුදු දහමට ප්‍රමුඛතාව දෙන්න කියන ගමන්ම අනෙක් ආගම්වලටත් එම තත්ත්වය ඉල්ලා සිටිනවා.
සිංහල බෞද්ධයො කුපිත කරවල ම්ලේච්ඡයන් පිරිසක් ලෙස හඳුන්වන්නයි මේ අන්තවාදය ගොඩනඟන්නෙ. මෙවැනි මොහොතක අපි මාතෘභූමිය, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට සංවිධානගත විය යුතුයි.
ව්‍යවස්ථා සෙල්ලමේ දිග පළල පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ හරියටම පැහැදිලි කරති
Gepostet von Lanka Lead News am Samstag, 26. Januar 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...