දේශීය පුවත්

මෙහෙයුම් රාජකාරි කටයුතුවලදී, ත්‍රස්තවාදී ක්‍රියා හෝ වෙනත් නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු හේතුවෙන් ආබාධිත සහ මිය ගිය ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට ලබාදෙන වැටුප් සහ දිමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ආබාධිත ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට සහ මියගිය රණවීරුවන්ගේ බිරින්දෑවරුන් හෝ යැපෙන්නන් හට වයස අවරුදු 55ක් දක්වා ගෙවන ලද වැටුප් හා දිමනා ජීවිතාන්තය දක්වා හිමිවන බව සඳහන්ය.

ඊට අවශ්‍යය කටයුතු ඉදිරි මාස 02 ක් තුල සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අබාධිත රණවිරුවන්ගේ දීර්ඝ කාළින ඉල්ලීමක් වු මෙම ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති පියවර පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදි මේ බව සඳහන් කර තිබේ.

ඊට ආබාධිත හා මිය ගිය රණවිරුවන්ගේ ජාතික සංසදය, රණවිරු බිරින්දෑවරුන්ගේ දිස්ත්‍රික් සහ ජාතික සංවිධාන නියෝජිතයින සහභාගී වු බව සඳහන්ය.

ආබාධිත රණවිරුවන් විසින් ඉල්ලීම් 08ක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබු අතර එම සියළු ගැටලුවලට විසදුම් ලබා දිමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More