ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මහ වංචාවේ ප්‍රධාන සැකකරු වන සිංගප්පූරුවට පැන ගොස් සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීම සඳහා මූලික අදහස් හුවමාරුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිංගප්පූරු නිල සංචාරයේදී සිදුව ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එම ආරංචි මාර්ගවලට අනුව මේ අදහස් හුවමාරුව සිදුව තිබෙන්නේ සිංගප්පූරු අගමැති ලී ෂියන් ලුංග් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන් අතරයි. සිංගප්පූරු පුරවැසියකුද වන අර්ජුන මහේන්ද්‍රන් ජාත්‍යන්තර උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී තිබෙන්නේ එම නීතිය සිංගප්පූරුවේ බලාත්මක වී නැති බැවිනි. ශ්‍රී ලංකාව එම නීතිය සම්මත කර ඇතත් සිංගප්පූරුව එරට මෙම නීතිය සම්මත කර නැත. රටවල් දෙකම එම නීතිය සම්මත කර ඇත්නම් මෙවැනි සැකකරුවකු රාජ්‍ය දෙකෙන් කුමන රාජ්‍යයක් හෝ ඉල්ලා සිටින අවස්ථාවක එවැන්නකු අදාළ රටට භාරදීමට එම රාජ්‍ය බැඳී සිටී.
මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට අධිකරණය රතු නිවේදනද නිකුත් කොට ඇත. එවැනි නිවේදනයක් නිකුත් කිරීමේදී එය ජාත්‍යන්තර පොලිසිය මඟින් අදාළ රාජ්‍ය දැනුවත් කිරීම සාමාන්‍ය පිළිවෙතයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිංගප්පූරු අගමැතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී එම රතු නිවේදනය තවමත් බලාත්මක නොවී තිබීම ගැනද අදහස් දක්වා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.
මේ අතර ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර වන වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන්ද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිංගප්පූරු අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට ඇති අතර එම ගිවිසුමේ මෙරටට අවාසිදායක කොන්දේසි සංශෝධනය කිරීම ගැනද ජනාධිපතිවරයා කරුණු දක්වා ඇතැයිද වාර්තා වේ.
අවශ්‍ය සංශෝධන ගැන නිල වශයෙන් ලිඛිත දැනුම්දීමක් කරන ලෙස සිංගප්පූරු අගමැතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දැනුම්දුන් බවද වැඩිදුරටත් දැනගන්නට ඇත.
Mawbima
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...