රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවේ පසුගිය තුන් වසරක වංචා දූෂණ සෙවීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ටොප් 20 නමින් රජයේ මැති ඇමැතිවරුන්ගේ වංචා දූෂණ ඇතුළත් ලිපිගොනු විස්සක් භාරදීමට කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ‘ලක්බිම ඉරිදා සංග්‍රහය’ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධනගෙන් විමසූ අවස්ථාවේ ඔහුද එම තොරතුරු සනාථ කළේය. ඔහු සඳහන් කළේ මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හෙළිදරව් කරගත් කරුණු අනුව ඉබි ගමනේ නමුත් නීතිය ක්‍රියාත්මක වන නිසා රජයේ මැති ඇමැතිවරු විස්සකට අධික පිරිසකට එල්ලවී ඇති දූෂණ හා වංචා චෝදනා පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය සතු තොරතුරු කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...