දේශීය පුවත්

මේ වන විට ව්‍යවස්ථා සම්පාදන සභාවට වාර්තාවක් ලෙස නම් කරමින් ඉදිරිපත් කොට ඇති ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ ජාතික සංවිධාන වල ස්ථාවරය කුමක්දැයි ලංකා ලීඩ් නිව්ස් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගෙන් ප්‍රශ්න කරන ලැබීය.

හිදී ඔහු සඳහන් කළේ වලංගු නැති ලියවිල්ලක් පාර්ලිමේන්තුවට හෝ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ නොහැකි බවය. ඊට හේතු දක්වමින් ඔහු සඳහන් කළේ පසුගිය ආණ්ඩු පෙරළියේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබූ බැවින් ස්ථාවර නියෝගවලට අනුව ඒ වන විට පත්කොට තිබූ සියලු කමිටු අහෝසි වන බවය. පාර්ලිමේන්තුව නැවත ආරම්භ කළ පසුව එම කමිටු නැවත පත් කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

එම නිසා අහෝසි වූ කමිටුවක් කැඳවීමට නොහැකි බව සඳහන් කළ ඒ මහතා ව්‍යවස්ථා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට නම් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය නැවත පත් කළ යුතු බව ද අවධාරණය කළේය. කතානායකවරයා මේ වරද පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බැවින් ජනාධිපතිවරයා ඒ පිළිබඳව තීන්දුවක් ගත යුතු බව ද ඔහු සඳහන් කළේ ය.කමිටුව නැවත පත්කොට ව්‍යවස්ථා කෙටුම්පත නැවත ඉදිරිපත් කළ පමණින් මහජන වරමක් නොමැතිව ව්‍යවස්ථා සභාවක් පත් කිරීමේ මූලික වරද නිවැරදි නොවන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More