දේශීය පුවත්

රාජ්‍යයක් පවත්වා ගෙන යාමට නම් බලය කේන්ද්‍රගතව තිබිය යුතු බව පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ(24) පස්වරුවේ ජාතික සමතා බලවේගය විසින් කැදවා තිබූ ජාතික නියෝජිත සමුළුවට එක්වෙමිනි.

අද වන විට ලෝකයේ සෑම තැනකම අවධානයට ලක්ව ඇත්තේ බලය බෙදීම වන බවත්, බලය කිසිදා බෙදිය නොහැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

බලය බෙදපු ගමන් නැති වී යන බව ද පැවසු ධම්මරතන හිමියන් බලය යනු එකතු වී ගොඩ නඟා ගන්නා දෙයක් බව ද සඳහන් කළේය.

ආණ්ඩුවක් සතුව බලයක් තිබිය යුතු බවත්, බලය එකතු කරමින් මිනිසුන්ට අයිතීන් හා සම්පත් බෙදා දිය යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ සම්පත් යනු භූමියක් නොවන බවත්, මහ පොළොවේ අයිතිය ඇත්තේ රාජ්‍යයට බවත් බලය එකට එකතු වන විට රාජ්‍ය විසින් භූමිය පාලනය කළ යුතු බව ද උන්වහන්සේ පැවසීය.

බලය බෙදන්න බෑ – බෙදපු ගමන් නැති වෙනවා – මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි

Gepostet von Lanka Lead News am Freitag, 25. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More