දේශීය පුවත්

නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති ඇතම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකග නොවන බවට නොවන බවට සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.

අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගීවීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේ,

‘නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සමස්ථලංකා මහජන කොන්ග්‍රසය වශයෙන් අපේ පක්ෂයේ ඉල්ලීම් මොනවද කියලා අපි දීලා තියනවා ඒ වගේම අනෙකුත් පක්ෂත් ඒ විදිහට ඉල්ලීම් දීල තියනවා නමුත් නව ව්‍යවස්ථාවට ඇතුලත් වී ඇති සියලුම කරුණු වලට අපි එකග නැහැ නමුත් නව ව්‍යවස්ථාව සම්මත වුනු විදහට තමයි සමහර අය කටයුතු කරන්නේ ඒක සම්පූරණම වැරදියි.

නව ව්‍යවස්ථාව සම්මත කරගන්නනම් මන්ත්‍රීවරුන් 150 කගේ කැමත්ත තයෙන්න ඕන එක්සත් ජාතික පෙරමුණේ ඉන්න එක පක්ෂයක් විදිහට අපිත් නව ව්‍යවස්ථාවේ ඇතම් කරුණුවලට එකග නැත්තම් කොහොමද මන්ත්‍රීවරුන් 150කගේ සහයෝගය ගන්න පුලුවන් වෙන්නේ ඒ නිසා මමනම් හිතන්නේ මේ වසර තුල ඒ දේ වෙන්නේ නැති වෙයි කියලයි නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරල තියනවා ඒක ක්‍රියාත්මක වෙනවා කියල සමහර අය ඡන්දය ලබා ගැනීමේ වැඩපිළවලක් දියත් කරල තියනවා සමහර අය මේක වාසියට ගන්නවා සමහර අය මේක ආණ්ඩු පක්ෂයට අවාසියක් විදහට ප්‍රචාරය ගෙනියනවා.

‘ඉදිරියේදී පැවත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද පලාත්සභා මැතිවරණයක්ද පාර්ලිමේන්තු මැතිවරණයක්ද කියල අපි දන්නේ නැහැ නමුත් සමස්තලංකා මහජන කොන්ග්‍රසය වශයෙන් අපි ඕනම මැතිවරණයකට සූදානම් මෙවර අපි ලංකාව පුරාම තරග කරන්නැහැ දිස්ත්‍රීක්ක 11 පමණයි අපි තරග කරන්න තීරණය කරල තියෙන්නේ .. යනුවෙනි

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More