දේශීය පුවත්

1998 ජනවාරි 25 වන දින එල්ටීටීඊ ත්‍ර‍ස්තවාදීන්, එවර නිදහස් උළෙලට සැරසෙමින් තිබූ ශ්‍රී දළදා මාළිගා පරිශ්‍ර‍ය තුල දැවැන්ත ‍ බෝම්බය පුපුරුවා මෙම සාහසික අපරාධය සිදු කරනු ලැබිය.

එදින පෙරවරු 6:10 ට පමණ, මරාගෙන මැරෙන කළු කොටි තිදෙනෙකු විසින් පුපුරණ ද්‍රව‍ය තොගයක් පැටවූ ට්‍ර‍ක් රථයක් රජ වීදිය ඔස්සේ පදවාගෙන පැමිණ, අවට මං බාධකවල සිටි හමුදා භටයින්ටද වෙඩි තබා, මාලිගාවේ පිවිසුම් අංගණය වෙත කඩා වැදෙමින් පිපිරවීම සිදු කරන ලදී.

අධි පුපුරණ ද්‍රව්‍ය කිලේා ග්‍රෑම් 300-400ක් පමණ අන්තර්ගතවූ ට්‍රක් රථය, ප්‍රධාන පිපිරීම් දෙකකින් විනාශයට පත්වූ බව සඳහන් වෙයි.

ප්‍රහාරය‍ෙ‍න් එල්ටීටීඊ ත්‍ර‍ස්තවාදීන් තිදෙනා සහ වයස අවුරුදු 2 ක දරුවෙකු ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර,තවත් 25 දෙනෙකු තුවාල ලැබූහ.

තුවාල ලැබූ අය අතර කාන්තාවන් සිව් දෙනෙක්, භික්ෂුන් වහන්සේ නමක් සහ පොලිස් නිළදාරියෙක් වූහ.

මේ දැවැන්ත ප්‍රහාරයේ බලපෑම නිසා, වටපිටාවේ කිලෝ මීටර 5 ක් පමණ දුරින් වූ සමහර ගොඩනැගිලිවලට හානි සිදුව තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More