දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජයේ ප‍්‍රතිපත්ති පිළිගන්නා සියලූ පාර්ශ්ව එක් කරගනිමින් යහපාලනය සඳහා වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය ඊයේ (24දා) තීරණය කරනු ලැබීය.

රජය මේ තීරණය ගනු ලැබූවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ සහ පාර්ශ්ව ගණනාවක අවසන් තීරණය ලෙසය.

ගෙවීමට ඇති ණයද පියවමින් ජනතාවට උපරීම සහන දීමට යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධානය ගෙන තිබෙන තීරණය අනුව සියලූ පක්ෂ ජාතික රජයට එක් කර ගන්නා බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක, ඇමැති රාවුෆ් හකීම් මහතා ප‍්‍රකාශ කළේය.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජය පිහිටුවීමට අදාළ සාකච්ඡුා මේ වන විට බොහෝ දුරට අවසන් කර ඇත. ජාතික රජය පිහිටුවීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය ලබා ගැනීමේ සාකච්ඡුා ද මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ ඉහළම නායක මට්ටමෙන් ක‍්‍රියාත්මක වේ.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සරල බහුතර ඡුන්දයෙන් සම්මත කර ගැනීමට මේ වන විට පරිසරය නිර්මාණය වී ඇතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණේ නායක, ඇමැති මනෝ ගනේෂන් මහතා ප‍්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More