දේශීය පුවත්

එකම රටක් එක බලයක් තේමාව කරගත් සියලු ජාතික බලවේග එක ධජයක් යටතේ සංවිධානය කිරීම සදහා වන ජාතික සමතා බලවේගයේ ජාතික නියෝජිත සමුළුව තෛයිනාකායික අනුනායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්, ජාතික සංවිධාන නායකයන්ගේ සහභාගීත්වයෙන්, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වයෙන් අද(24) තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත් විය.

ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය , විද්වතුන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති ජාතික නියෝජිත සමුළුවේදී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ජාතික සමතා බලවේගයේ කැදවුම්කරු ලෙස ප්‍රශාශයට පත්කෙරිණි.

”අපගේ මාතෘ භූමිය මුහුණ දෙමින් සිටින ඉතිහාසයේ බරපතලම අභියෝගය වන බෙදුම්වාදී මරඋගුලෙන් ජාතිය බේරා ගැනීමේ මහා ජාතික දේශපාලන මෙහෙයුමට නායකත්වය දීම සඳහා…

සියලු ජාතික සංවිධාන හා බලවේග එක ධජයක් යටතට සංවිධානය කිරීමේ මහා ඓතිහාසික උවමනාව ඉටු කිරීම සඳහා …

අනාරක්ෂිත සිංහල බෞද්ධයා තුළ නව බලාපොරොත්තු ජනිත කොට පටු දේශපාලන භේදයෙන් තොරව ඔවුන් අවදි කිරීම සඳහා…

සුළු ජාතික ජන කොටස් තම බෙදුම්වාදී අරමුණු සඳහා කාලතුවක්කු උන්ඩ ලෙස යොදා ගන්නා ජාතිවාදී, කුලවාදී දුෂ්ඨ දේශපාලන නායකයින් නිරායුධ කිරීම සඳහා…

බෝ සෙවණ යටතේ සිංහල, දෙමළ, මුස්ලිම් සැබෑ සමගිය ගොඩනැඟීම තුලින් බෙදුම්වාදය සදහටම පරාජය කිරීමේ නව මාවතක් කැපීම සඳහා…

උතුම් ජාතික භූමිකාව ඉටු කිරීමට අවශ්‍ය වන්නාවූ මහා නායකත්ව පෞර් ෂය, සදාචාර බලය, මානසික සූදානම්කම සහ දිවිහිමියෙන් කැප වීම ආදී උසස් ගුණාංගයන්ගෙන් ආශිර්වාද ලද්දා වූ …
වසර 40ක කාලයක් බෙදුම්වාදයට එරෙහිව යුධ පෙරමුණේ පාරමිතා පුරමින් ඒ සියලු ගුණයන් ජාතියට ‍ප්‍රත්‍යක්ෂ කළ නිහතමානී සහ උජුපටිපන්න…වූ

රණවික්‍රම සහ උත්තම සේවා සහ විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලාභී අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර නම් වූ දේශප්‍රේමී රණවිරුවා, කලාකරුවා, මානව හිතවාදියා ජාතික සමතා බලවේගයේ ජාතික කැඳවුම්කරු ලෙස අද දින පැවැත්වෙන මෙම නියෝජිත සමුළුවේදී ප්‍රකාශයට පත් කර ආශිර් වාද කරමු.’’

යුද්ධය අවසන් කරාට පසුව මහින්ද රාජපක්ෂ කරපු එක වැරැද්දක් තමයි TNA එක තහනම් නොකරපු එක.

යුද්ධය අවසන් කරාට පසුව මහින්ද රාජපක්ෂ කරපු එක වැරැද්දක් තමයි TNA එක තහනම් නොකරපු එක.ජාතික සමතා බලවේගයේ කැදවුමකරැ – අද්මිරාල් සරත් වීරසේකර

Gepostet von Lanka Lead News am Donnerstag, 24. Januar 2019

මෛත්‍රී – මහින්ද එකතුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගිය යුතුයි – ආචාර්ය ගුණදාස අමරසේකර

a

මෛත්‍රී – මහින්ද එකතුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගිය යුතුයි – ආචාර්ය ගුණදාස අමරසේකර

Gepostet von Lanka Lead News am Freitag, 25. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More