ජිනීවා මානව හිමිකම් සමුළුවේ 40 වැනි සැසිවාරය ආරම්භ වන පෙබරවාරි 28 දිනට පෙර ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඇතුළු නාවික නිලධාරීන්
11 කට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
කොටහේන ප‍්‍රදේශයේදී තරුණයන් 11 ක් පැහැර ගෙන යෑමේ චෝදනාව ඔවුන්ට එල්ල වී ඇත. පැහැරගැනීමට
ලක් වූ එම තරුණයකුගේ හැඳුනුම්පත ද රහස් පොලිස් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මෙම සිද්ධිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානයට ලක් වී තිබුණ අතර චූදිත නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග ගැන රජයෙන් කරුණු විමසා තිබිණි.
එම සිද්ධියට අදාළ එක්සත් ජාතීන්ගේ විශේෂ විමර්ශකයකු මෙරටට පැමිණ ත‍්‍රිකුණාමලය් නාවික හමුදා ගන්සයිටි කඳවුර පරීක්‍ෂාවට ලක් කර තිබිණි.
රජය මෙම නඩුව පැවරීම කඩිනම් කර ඇත්තේ 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව පෙබරවාරි 25 වැනිදා ආරම්භ වන නිසාය.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...