එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගි වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (23දා) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
හෙට (25දා) සිංගප්පූරුවේ “මරීනා බේ සෑන්ඩ්ස්” ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම සමුළුවට ආසියා ශාන්තිකර කලාපීය රටවල් 40ක් නියෝජනය කරමින් පරිසර අමාත්‍යවරුන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් රාශියක් එක්වීමට නියමිතය.
ජනාධිපතිවරයා සිය දෙදින නිල සංචාරය තුළදී සිංගප්පූරු ජනාධිපතිවරයා මෙන්ම අග්‍රමාත්‍යවරයා සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපතිවරයා හෙට දිවයිනට පෙරළා පැමිණේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...