දේශීය පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියට නොයනවා නම් ව්‍යවස්ථාවට සංශෝධන හෝ ගෙන ආ යුතු යැයි එක්සත් වාමාංශික පෙරමුණේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා කීවේය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (22දා) රාජගිරියේදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

සමහරුන් මේ දවස්වල කියනවා ව්‍යවස්ථා වෙනස්කම් අවශ්‍ය නැහැ කියලා. මේ රටේ ආර්ථික ප්‍රශ්න විස¼දා ගැනීම අවශ්‍ය බවත් කියනවා. ඒත් මූලික නීතිය ව්‍යස්ථාව ශක්තිමත් නැත්නම් ඒ කිසිවක් ලබා ගන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මූලික නීතිය ඉතා වැදගත්.

සමහරු කියනවා ජනතාවට ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ කියලා. ඒත් පසුගියදා සිදු වූ අරගලවලින් ජනතාව කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතු බවයි. මේ රටේප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව පිළිබඳ ජනතාවට තිබෙන උනන්දුව පිළිබඳ අපට සතුටු විය හැකියි.

පසුගිය කාලයේ අපි ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ සටනත් ජයග්‍රහණය කළා. එහෙත් ඒ ජයග්‍රහණය ඇමැතිවරුන්ට මන්ත්‍රිවරුන් අමතක වෙලා කියලා. ඒ නිසා මේ සටන ජයග්‍රහණය කිරීමට උරදුන් ජනතාව අමතක කරන්න එපා කියලා ආණ්ඩුවට කියනවා.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යන්න ඕන. සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එන්නෙ නැත්නම් තිබෙන ව්‍යවස්ථාවට සංශෝධන ගේනවට අපි විරුද්ධ නැහැ. ඒ නිසා තමයි ජවිපෙ ගෙනාව 20 සංශෝධනයට අපි සහාය දුන්නෙ. එම 20 වැනි සංශෝධනය විවාදයට ගන්න කියලා අපි ජවිපෙට යෝජනා කරනවා.

රාජ්‍ය මාධ්‍යයට හා පෞද්ගලික මාධ්‍යයටත් යුතුකමක් තිබෙනවා සාධාරණ ලෙස වාර්තා කිරීමට. සංඛ්‍යාත කියන්නේ මහජන දේපළක්. පිරිසක් මාධ්‍ය ආයතන ඉදිරිපිටට ගොස් කරපු විරෝධතා පිළිබඳ එජාප පිරිසක් විසින් එම විරෝධතාකරුවන් විවේචනය කිරීම ගැන අපි කනගාටු වෙනවා. මාධ්‍ය නිදහසට බාධා නොකොට විරෝධතා දැක්වීමේ අයිතිය තිබිය යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More