දේශීය පුවත්

මධ්‍යම පලාත් නව ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා (22) උදෑසන මහනුවර නගරයේ පවතින මාර්ග තද බදය පිලිබදව සොයා බැලීම සදහා විශේෂ මාර්ග සංචාරයක නිරත විය.

ආණ්ඩුකාරවරයා එහිදි උදෑසන 5.45 ට පමණ ගැටබේ හන්දියේ සිට පා ගමනින් මහනුවර නගරයට ගමන් කළ අතර විශේෂ විමර්ශනයට යොමුවිය යුතු තැන් රැසක් හදුනාගෙන තිබේ.

මීට අමතරව බස් රථ හා වෙනත් වාහන නගරයට ඇතුල් වන ආකාරයේ වැරදි රැසක් හදුනාගෙන ඇති අතර ඊට ඒ මොහොතේම කඩිනමින් ක්‍රියා මාර්ග ගැනීමට අදාල නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.

ආණ්ඩුකාරවරයා ඉන් පසුව ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොල වෙත පැමිණි අතර එහි පවතින අඩු පාඩු රැසක්ද සොයා බැලීමට කටයුතු කරන ලදි. මෙහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුකාර වරයා කියා සිටියේ නිලධාරීන් ගේ වැරදි තීරණ හා වැඩ කල් දැමීම නිසා බොහෝමයක් ප්‍රශ්න මහනුවර නගරයේ ඇති වී ඇති බවයි

තව දුරටත් අදහස් දැක් වූ ගුණරත්න මහතා,

අද රටේ බොහෝ ප්‍රශ්න වලට මුල් වෙලා තියෙන්නෙ තීරණයක් ගැනීමට නිලධාරීන් දක්වන මැලිකම ඔවුන් බොහෝ විට කතා කරන්නෙ කඩිනමින් වැඩ කීරීමට නොවෙයි ඒවා බැහැ නැහැ කියා ප්‍රමාද කිරීමයි ඒ නිසා අපි සුදානම් තීරණයක් අරන් නිලධාරීන්ට වැඩ කරන්න නිදහස දෙන්න.

මම නිලධාරීන් අමාරුවෙ දාන්නෙ නෑ මම කියන්නෙ මහජනතාව වෙනුවෙන් හරි දේ කරන්න රටේ නීති තියෙන්නෙ ජනතාව වෙනුවෙන් ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඒ නිසා අපි නීතිය ඒ වෙනුවෙන් පාවිච්චි කරමු යැයිද ආණ්ඩුකාර වරයා එහිදි සදහන් කළේය

– කිර්ති දුනුවිල

News 1st: Prime Time Sinhala News – 10 PM | (22-01-2019)

News 1st: Prime Time Sinhala News – 10 PM | (22-01-2019)

Gepostet von Maithri Gunaratne am Dienstag, 22. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More