දේශීය පුවත්

මෙරට නාමය හදුන්වා දීමේදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමජවාදි ජනරජය ලෙස නොකියා ශ්‍රී ලංකා ජනරජය ( Republic of Sri Lanka) නැතිනම් ශ්‍රී ලංකාව ( Sri Lanka) නාමයෙන් පමණක් හදුන්වා දිය යුතු බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ටි.වී දෙරණ නාලිකාවේ ඊයේ (22) දිනයේ වාද පිටිය දේශපාලනමය වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එකීය රාජ්‍යයක් ලෙස කටයුතු කිරිමට එකඟ වුවද, එකීය රාජ්‍යයක් යන පදයට ඉංග්‍රීසි බසින් හදුන්වන යුනිටරි ස්ටේට් (unitary state) යන්ට කිසිඳු එකඟතාවයක් නොමැති බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා එම අවස්ථාවේදි ප්‍රකාශ කළේය.

එකීය යනුවෙන් තම පාර්ශවය අර්ථදක්වන්නේ “එක රටක්” යන්න බවද මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

දෙමළ ජනතාව ඊළම වෙනුවෙන් වසර 30ක කාලයක් යුද්ධය කළ පිරිසක් බවත් මේ වන විට ඔවුන් මධ්‍යස්ථ සිටින්නට එකඟව ඇති බවත් මන්ත්‍රීවරයා පවසයි.

ඔවුන් බලාපොරෝත්තුවන පරිදි නව ව්‍යවස්ථාවට අදාල කරුණු සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් එලඹෙන මැතිවරනයකදි දෙමළ ජාතික සංධානයේ වත්මන් මන්ත්‍රීවරුන් පරදවමින් අන්තවාදි පිරිසක් බලයට පත් කර ගැනීමේ අවදානමක් පවතින බව ද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට පිළිතුරු සපයමින් පිවිතුරු හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ තුවක්කුව රැගෙන පැමින සිදු කළ තර්ජනයම මේ වන විට වචනවලින් සිදු කරණ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More