දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් විසින් වර්ජනය කර තිබේ.

පෙරේදා (21දා) සවස 5.00ට අරලියගහ මන්දිරයේ පැවැති මෙම පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 18 දෙනකුට ආසන්න පිරිසක් වර්ජනය කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තුව මන්ත්‍රිවරයෙක් ‘ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකු සම්බන්ධයෙන් පවතින දැඩි ගැටලුකාරී තත්ත්වයන්ට තවමත් නිසි විසඳුම් නොලැබීම නිසා ඊට විරෝධය පළකරමින් මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම වර්ජනය කළ බව එම මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මෙම ගැටලු සෙවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරන ලද සිවු පුද්ගල ඇමැති කමිටුව ගැන කිසිදු විශ්වාසයක් නොමැති බවත් කණ්ඩායම් රැස්වීම වර්ජනය කළ මන්ත්‍රිවරු සඳහන් කරති.

මෙම ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම වර්ජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (22දා) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති බවත් එම මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකු සම්බන්ධයෙන් පවතින ගැටලු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ බවත් එහිදී ඉදිරිපත් කළ ඇතැම් ගැටලු පිළිගත් අග්‍රාමාත්‍යවරයා එම ගැටලුවලට සතියක් ඇතුළත විසඳුම් ලබාදීමට එකඟවූ බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ප්‍රකාශ කෙළේය.

(මව්බිම)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More