පුරවැසි කොලම

රසායනික අවි ශ්‍රේණියෙහිලා ගැනෙන විස වායු අවිය ද අනෙක්‌ සියලු අවි ආයුධ මෙන් ඉතිහාසය විසින් සංවර්ධනය කරන ලදී. සාමාන්‍ය බෝම්බයක්‌ පුපුරා යැමේදී ස්‌පෝඨක බලය (පිපිරුම් බලය) සහ බෝම්බයේ කැබැලි විසින් මනුෂ්‍ය ජීවිත සහ දේපළවලට හානි කරනමුත් විෂ වායු බෝම්බයක්‌ පිපිරීමේදී දේපළවලට කිසිදු හානියක්‌ සිදු වන්නේ නැත. ඇතැම් විෂ වායු බෝම්බයන්a පුපුරණවිට ශබ්දයක්‌වත් නොනැඟේ. එවිට එය ගෑස්‌ කැනිස්‌ටරයක්‌ පමණි. එහෙත් විෂ වායු බෝම්බ පන්තියට අයත් ජීව විද්‍යාත්මක බෝම්බ (Biological Bomb) නමැති බෝම්බ වර්ගය පොළවට ආසන්න අගයේදී පිපිරීමට සලස්‌වනු ලැබේ. මේ බෝම්බ තුළ ඇත්තේ දරුණු ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වර්ගය. ඒවා බොහෝ විට බැක්‌ටීරියා හෝ වෛරස්‌ වර්ගයන් ය. උදාහරණයක්‌ ලෙස මෙවැනි බෝම්බ තුළට ඇන්ත්රැක්‌ස්‌ (Anthrax) හෝ බොටුලිනම් (Botulinum – නවසීලන්ත වේ ප්‍රොaටීනවල අඩංගුව තිබුණු අංශභාග රෝගය ඇතිකරන බැක්‌ටීරියාව අන්තර්ගත කරනු ලැබේ. බෝම්බය පුපුරා විෂබීජත් වායු ගෝලයට මුසුවී එම වාතය සමග ගනුදෙනු කරන මිනිසුන්ට රෝගය බෝවෙයි. පසුගිය ශතවර්ෂය තුළ රසායනික අවිවලට අන්තර්ගත කිරීම සඳහා විද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද රසායනික විෂවර්ග ගණන 70 කි.

ඉතිහාසය –

පූර්ව ඓතිහාසික යුගයේ (ලි�ත ඉතිහාසයක්‌ නැති යුගයේ) පටන් රසායනික අවි භාවිතය තිබිණ. මේ පිළිබඳ මුල්ම පුවත ක්‍රි. පූ. 4 වැනි සියවසේදී ඉන්දියාවෙන් වාර්තා විය. එකල ජීවත් වූ ඉන්දියානු දුනුවායන් නයි විස ආලේප කරන ලද හීතලවලින් සතුරන්ට විදීමට පුරුදුව සිටියේය. National Geograpic සංගමයේ Daily News නමැති වෙබ් අඩවියේ සඳහන් වන පරිදි ක්‍රි. ව. 256 දී සිsරියාවේ යුද හමුදාව විසින් රෝමන් සොල්දාදුවන් පිරිසකට විස වායු ප්‍රහාරයක්‌ එල්ල කර ඔවුන් මරා තිබේ. ඒ මෙසේය, එකල සිරියාව පාලනය කළේ රෝමන්වරුන් විසිනි. දිනක්‌ පර්සියන් අධිරාජයාගේ යුද හමුදාව රෝමන්වරුන් යටතේ පැවැති සිරියන් භූමිය ආක්‍රමණය කළේය. ආක්‍රමණික හමුදාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා රෝමන් හමුදාව උමගක්‌ හාරා එය තුළ සේනාංකයක්‌ රැඳවීය. මේ බව දැනගත් ආක්‍රමණික හමුදාව උමගයේ එක්‌ තැනකින් විවරයක්‌ පාදා තාර සහ ගෙන්දගම් එකට පුළුස්‌සමින් එම විස වායුව මයිනහමක්‌a මගින් උමගය තුළට පොම්ප කළේය. මේ ප්‍රහාරයෙන් රෝමන්වරු 20 ක්‌ මිය ගියහ. ඔවුන් මියගොස්‌ තිබුණේ අවි දරා සිටින අතර හදිසියේම සිහිසුන්වී ය. ඔවුන් මියගිය පසු අත් දරදඬු වූ අතර පසු කාලයේදී පුරාවිද්‍යාඥයන් එම ඇටසැකිලි සොයාගන්නා විට ඔවුන්ගේ ආයුධ අත්වලට මැදිව තිබූ ආකාරයෙන්ම තිබිණ.

1346 – ටාටර්වරුන්ට එල්ල වූ ජීවවිද්‍යාත්මක අවි ප්‍රහාරය

සෝවියට්‌ සංගමයට අයත්ව තිබූ පසු කාලයේදී ස්‌වාධීන රාජ්‍යයක්‌ වූ යුක්‌රේනය මෙයට වසර දහස්‌ ගණනකට පෙර හඳුන්වන ලද්දේ ක්‍රිමියාව ලෙස ය. 1349 දී ටාටර් නමැති ජන කොටසට අයත් හමුදාවක්‌ විසින් ක්‍රිමියාවේ Caffa නමැති නගරය වටලන ලදී. මේ අතර ටාටර්වරුන් අතර මහමාරි රෝගය පැතිරෙන්නට විය. මහාමාරියාවෙන් මියගිය සෙබළුන්ගේ සිරුරු විශාල කැටපෝල මාර්ගයෙන් නගරය තුළට විදාහල ටාමර්වරුන් විසින් නගරවාසී ක්‍රිමියානුවන්ට රෝගය බෝ කළේය.කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Mark Wheelis කියන පරිදි ජීව විද්‍යාත්මක අවියක්‌ මුල්වරට පාවිච්චි වූ බව සඳහන් වන අවස්‌ථාව මෙය ය.

1456 සුල්තාන්ගේ හමුදාවට ක්‌ලෝරින් ප්‍රහාරයක්‌

මධ්‍යකාලීන යුගයේදී වෛද්‍ය පර්යේෂණ බහුල ලෙස සිදුවූ බැවින් රසායනික අවි සහ ජීව විද්‍යාත්මක අවි නිෂ්පාදනය කිරීමට විශේෂ පිටිවහලක්‌ ලැබිණ. 1456 දී දෙවැනි මෙහමෙඩ් නමැති මුස්‌ලිම් සුල්තාන්වරයා හන්ගේරියාවේ බෙල්ග්‍රේඩ් නගරය වට කළේය. බෙල්ග්‍රේඩ් නගරය තුළ බලකොටුවක්‌ තිබූ අතර හංගේරියානු යුද වීරයෙක්‌ වූ ජෝන් හුන්යාදී එම බලකොටුව තුළ සිට හමුදා සංවිධානය කළේය. ඔහුගේ කාර්ය මණ්‌ඩලයේ සිටි රස විද්‍යාඥයෙක්‌ හරහා මෙට්‌ට තොගයක්‌ බලකොටුව තුළ ගොඩ ගසා එයට ක්‌ලෝරීන් වත්කර ගිනි තබා විෂ සහිත ධූම වලා ඇති කළේය. එය ආඝ්‍රණය කළ ඉස්‌ලාමීය හමුදාව සිහිසුන් වූ බවත් එවිට ජෝන් හුන්යාදි භට හමුදාව සමග පිටතට පැන ඉස්‌ලාමීය හමුදාව සංහාරය කළේය. එහෙත් මෙහමෙඩ් සුල්තාන්වරයා නොමරණ ලදී. Siege of Nelgrade යනුවෙන් මෙය ඉතිහාසයේ සඳහන්ව ඇති අතර රසායනික අවි භාවිතයට සම්බන්ධ ප්‍රසිද්ධ උදාහරණයකි.

ඩාවින්සිගේ රසායනික බෝම්බ

මහා චිත්‍රශිල්පි ලියෝනාඩෝ ඩාවින්සි විසින් ආසනික්‌ සහ ගෙන්දගම් යොදාගෙන නිෂ්පාදනය කළ බෝම්බ විශේෂයක්‌ සතුරු නාවික යාත්‍රාවලට විදිය හැකි බවට අදහසක්‌ ඉදිරිපත් කළේය. 19 වැනි සියවසේ ජීවත් වූ බ්‍රිතාන්‍ය ජාතික නාවික හමුදාපතියකු වූ තෝමස්‌ කොච්රේන් ගිනි අවුලුවන ලද ගෙන්දගම් ගුලිවලින් නැව්වලට හෝ නැව්වල සිට ගොඩබිමට හෝ පහර දීමට හැකි බව කියා සිටියේය. 19 වැනි සියවසයේ අවසන් කොටසේදී පැවැති ඇමරිකන් සිවිල් යුද්ධයේදී බ්‍රිතාන්‍ය කිරීටයට පක්‍ෂපාත හමුදාව සුදු අවියක්‌ ලෙස හයිෙඩ්‍රාක්‌ලෝරික්‌ අම්ලය සහ ගෙන්දගම් අම්ලය පාවිච්චි කරන ආකාරය අධ්‍යයනය කළේය.

අබ වායුව හෙවත් ඵමිඑeරා ඨ්‌s

19 වැනි සියවසේදී ජෛව රසායන විද්‍යාව නමැති විෂය විද්‍යාඥයන් අතර බෙහෙවින් ප්‍රචලිත විය. අබ වායුව හෙවත් ඵමිඑeරා ඨ්‌s සොයා ගන්නා ලද්දේ මෙහි ප්‍රතිඵලයක්‌ ලෙසය. අබ සුවÄති මේ වායුවෙහි අඩංගු ක්‍ෂාරීය අංශු නිසා පහසුවෙන් පිළිකාව ඇති විය හැකිය. අබ වායු ප්‍රහාරයට එල්ල වන්නාගේ සිරුර මහත්සේ කසන්නට පටන් ගනී. පැය 24 ක්‌ ගතවන විට සිරුර මත විශාල බිබිලි හටගන්නා අතර ඒවා කහ පැහැති ද්‍රdවනයකින් පිරී යයි. රෝගියා අන්ධ භාවයට පත්වෙයි. මෙයින් තුවාල හටගත් විට ඒවා බැන්ඩේ- යොදා ආවරණය කිරීමට නොහැක.

රසායනික අවි සඳහා යොදාගන්නා මාරාන්තික විෂ සහිත ප්‍රොaටීන වර්ග දෙකක්‌ එරඬු ඇටවල සහ ඔලිඳ ඇටවල තිබේ. Ricin සහ Abrin යනුවෙන් මෙම ප්‍රොaටීන වර්ග දෙක හඳුන්වනු ලැබේ.

Agent Orange – ඒජන්ට්‌ ඔරේන්ඡ්

ඇමරිකානු ජීව සහ උද්භිද විද්‍යාඥයකු වූ ආතර් ග්ලැස්‌ටන්, සෝයා බෝංචිවල පල දරන කාලය ඉක්‌මන් කිරීම සඳහා 1943 දී පර්යේෂණයක්‌ කරමින් සිsටියේය. එහි අහඹු ප්‍රතිඵලයක්‌ ලෙස ඔහුට මාරාන්තික ධාන්‍යමය හෝමෝනයක්‌ හමුවිය. triiodobenzoic acid ලෙස හඳුන්වන ලද මෙය අඩු මාත්‍රාවකින් සෝයා බෝංචි පැළවලට යෙදූවිට ඒවා වහා උස්‌මහත් වී කරල් හට ගත්තේය. මාත්‍රාව වැඩි කළ විට සෝයා බෝංචි ශාකය කොළ හැලී වගා විනාශයට පත් විය. සතුරු ප්‍රදේශවල ආහාර භෝග විනාශ කිරීම පිණිස මෙම හෝමෝනය යොදා ගැනීම සඳහා පර්යේෂණයක්‌ කරන ලෙස ඇමරිකන් හමුදා දෙපාර්තමේන්තුව 1943 දී චිකාගෝ සරසවියට ආරාධනා කළේය. යුද හමුදාවේ සැලසුම වූයේ හෝර්මෝනය වර්ධනය කර කෙත්වතුවලට ගුවනින් ඉසිය හැකි තත්ත්වයක්‌ ඇති කිරීමය. පසු කාලයේදී Agent Orange නමැති භයානක ජෛව/ රසායන අවිය ලෙස නම් කෙරෙන්නේ මෙම හෝර්මෝනයයි. යුද අවි කර්මාන්තයේදී සොයා ගන්නා ලද නීචතම සොයා ගැනීම ලෙස මෙය ඉතිහාසයට එක්‌වී තිබේ. 1962 – 71 කාලයේදී පැවැති වියට්‌නාම් යුද්ධයේදී වියට්‌නාම් ගරිල්ලන්ගේ ආහාර සැපයුම විනාශ කිරීම සඳහා ඇමරිකානුවෝ Agent Orange ජෛව රසායනය ලීටර් 75,700,000 ක්‌ වියට්‌නාමය, ලාඕස සහ නැගෙනහිර කාම්බෝජයේ ගරිල්ලන්ගේ කෙත්වතුවලට හෙළිකොප්ටර් මාර්ගයෙන් ඉසින ලද්දේය. Agent Orange මිනිසකුගේ සම මතට වැටුණු විට සම ඉරි තැලී රුධිරය ගලාවිත් වන විය. එයින් හානියට පත් කාන්තාවෝ විකෘති අඟපසඟ සහිත දරුවන් ප්‍රසූත කළහ. සමහර කාන්තාවෝ ගබ්සා වූහ. එයින් හටගත් ජාන විකෘතිය අදටත් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරයි. Orange Agent නිසා වියට්‌නාම් යුද්ධයේදී වියට්‌නාම් ජාතිකයන් හතළිස්‌ අට ලක්‍ෂයක් හානියට පත් වූහ. එයින් හාරලක්‍ෂයක්‌ එක්‌කෝ මිය ගියහ. නැත්නම් සදාකාලික අබ්බගාතයෝ බවට පත් වූහ. දරුවන් පන් ලක්‍ෂයක්‌ විකෘති ලෙස උපන්හ. පශූ සම්පත් විනාශයට පත් විය.

කිසිම යුද්ධයකදී රසායනික අවි සහ ජීවවිද්‍යාත්මක අවි පාව්චිචි කිරීම එක්‌සත් ජාතීන්ගේ නීති රීතිවලට පටහැනිය. එහෙත් බොහෝ යුද්ධවලදී මේ කැත ආයුධය පාවිච්චි කරනු ලැබේ.

රසායනික අවි ප්‍රහාරයකට ලක්‌වන කෙනකුගේ සිරුරින් එක වරම රුධිරය නිකුත් වන්නේ නැත. ඔවුන්ගේ සිරුරුවල මුලින්ම හටගන්නේ අභ්‍යන්තර ලේ වහනයයි. ඒ බැවින් ලේ කඳුළක්‌වත් පිටතට නොපැමිණ ඔවුහු මිය යති. සිරියාවේදී එල්ල වූ ප්‍රහාරයෙන් කුඩා දරුවෝ ඉමහත් සංඛ්‍යාවක්‌ මිය ගියහ. ඒවා අපමණ වේදනාවක්‌ මැද සිදුවූ මරණයන්ය. මේ ලිපිය නිම කරනු පිණිස වැදගත් පුවතක්‌ සඳහන් කරමු. ඉරාකයේ සදාම් හුසේන්ට ඉතා භයානක මස්‌සිනා කෙනකු විය. කුර්දිස්‌තානයට රසායනික අවි ප්‍රහාරය එල්ල කිරීම භාරව සිටියේ ඔහුය. ඔහුගේ නම අලිහසන් අල් මජීඩ් ය. එහෙත් සදාම් හුසේන් පවා ඔහු හඳුන්වන ලද්දේ කෙමිකල් අලි ලෙසය.

මෙලෙස සලකන කල ශ්‍රී ලංකාවටද විවිධ අවස්ථා වල ජෛව ප්‍රහාර වල බැට කෑමට ලක්ව ඇත. විවිධ අත්හදා බැලීම් යටතේ සිදුකරන ලද පර්යේෂණ වල ඵලවිපාක වශයෙන් මහාමාරිය, වසූරිය, මැලේරියාව, කුරුළු උණ ⁣, මීඋණ ආදී රෝග වලින් පමනක් නොව සැලසුම්සහගතව එල්ල කරන ලද පාතීනියම්, ජපන් ජබර, ආදී ශාක ද වර්තමානයේ සේනා දළඹු ප්‍රහාරයද ජෛව අවි අත්හදා බැලීමක් නොවන්නේද යන්න සිතා බැලිය යුතු කරුනකි. අප වැනි රටවල් විවිධ අත්හදාා බැලීම් උදෙසා යොදා ගැනීම බහුජාතික සමාගම් කලෙක පටන් සිදු කරන ක්‍රියාවකි. එයට සිතාමතා හෝ අනියමින් අනුභලයක් නොමැතිව ක්‍රියාත්මක කිරීමට නොහැකි වන අතර ඒවාට සහය දෙන්නන්ගේ මතු පරම්පරාවටද සාප වෙනු ඇත.

අන්තර්ජාලය ඇසුරිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More