ප‍්‍රධාන පුවත්

පසුගිය දිනවල එක්තරා පුවත්පතක් විසින් බැසිල් රාජපක්ෂගෙන් අසනු ලැබූ ප්‍රශ්නයකට ඒ මහතා ලබා දුන් පිළිතුර ජාතිකවාදී සහ බෞද්ධ බලවේග අතර දැඩි විවේචනයට ලක්විය.

පොදුජන පෙරමුණේ බොහෝ අය උත්සාහ කරන්නේ සිංහල ජාතිකවාදය ශක්තිමත් කරමින් බලයට ඒමට නොවේ දැයි අසනු ලැබූ පැනයට ඒ මහතා පිළිතුරු දෙන්නේ මෙසේය.

‘ඒක නම් වෙනස් කර ගත යුතුමයි. කවුරු මොනවා කිව්වත් මම නම් ඒකට කැමැති නැහැ.’

ඊට පිළිතුරු ලෙස ජාතික සංවිධාන විසින් මීට පෙර තම සාමාජිකයන්ගේ අධ්‍යාපනය සඳහා සකස් කළ ලියවිල්ලක් උපුටා දක්වමින් කතා කළ ජාතික සංවිධාන ප්‍රබලයෙකු සඳහන් කළේ මෙසේය.

‘ බැසිල් රාජපක්ෂ මහතා දන්නේ නැහැ ජාතිවාදයට සහ බෙදුම්වාදයට විරුද්ධ විශාල සුළු ජන ප්‍රතිශතයක් සිටින බව. ටී.එන්.ඒ එකට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී උතුරින් ලැබුණේ ඡන්ද 34.6% සහ නැගෙනහිරින් 24.4% පමණි.

නමුත් එතුමා හිතන්නේ සම්බන්ධන්ලා, හකීම්ලා, රිෂාඩ්ලා වැනි ජාතිවාදී කප්පම්කාරයින් ගේ අනුකම්පාව නැතිව දිනන්න බැහැ කියලා. ඔහුගේ

‘එම මෝඩ තියරිය නිසා 2015දී මහින්ද මහතා විශාල වන්දියක් ගෙව්වා. ඒත් ඔහු අත්දැකීම්වලින් ඉගෙන ගන්නා අයෙක් නොවේ.’

එම ලේඛනය අදාල උපුටා ගැනීම් මෙසේය. බැසිල්ගේ වැරදි ‘ උපකල්පන’ සහ ‘සත්‍ය ‘තත්වය ඒ මගින් පැහැදිලි කොට ඇත.)

2.2 උපකල්පනය

මහින්ද රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතාට එරෙහිව වැඩි ඡන්ද ලක්ෂ 18 ලබාගෙන ජයග‍්‍රහණය කිරීමේ දී උතුරු නැගෙනහිර දිස්ත‍්‍රික්ක වලින් ලබාගත් ඡන්ද ප‍්‍රමාණය 2015 දී බරපතළ ලෙස අඩු විය.

සත්‍ය තත්වය
2010ට සාපේක්ෂව 2015 දී උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත‍්‍රික්ක 5න් මහින්ද රාජපක්ෂ මහතාට අහිමි වන්නේ ඡන්ද 21,621ක් පමණි. ඊට ප‍්‍රධාන වශයෙන් හේතු වන්නේ දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයේ මුස්ලිම් ඡන්ද වල අඩු වීම බව පෙනේ. එම ප‍්‍රමාණය 25, 885 කි. කෙසේ වෙතත් ඔහු වන්නි දිස්ත‍්‍රික්කයෙන් 2010ට වඩා 2015 දී ඡන්ද 5637 ක් ලබා ගත්තේ ය. ඒ අනුව මෛත‍්‍රීපාල සිරිසේන මහතා ෆොන්සේකා මහතාට වඩා එම දිස්ත‍්‍රික්ක වලින් ඡන්ද ලබාගත් නිසා ඔහු ජයග‍්‍රහණය කළ බවට තර්ක කළ හැකි වුවත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන්නේ එම දිස්ත‍්‍රික්කවල ඔහුගේ ඡන්ද පදනම බරපතළ ලෙස අඩු වූ නිසා බවට තර්ක කල නොහැක. ඊට හේතුව එම ඡන්ද පදනම යටතේ ඔහු 2010 දී වැඩි ඡන්ද ලක්‍ෂ 18කින් ජයග‍්‍රහණයය කිරීමට සමත්වී වීමය. එසේනම් ඔහු පරාජය වන්නේ 2015දී සමස්තයක් ලෙස වැඩි වූ නව ඡන්ද ප‍්‍රමාණය වූ 955,000 න් අති බහුතරය සෙසු දිස්ත‍්‍රික්ක වලින් ලබා ගැනීමට අසමත් වූ නිසා නොවේ ද?

2.3 උපකල්පනය
2010දී ෆොන්සේකා මහතා උතුරු සහ නැගෙනහිර පළාත් වල දිස්ත‍්‍රික්ක 5න් ඡන්ද 570,982 ලබා ගත්තේය. නමුත් ඒම මැතිවරණෙය්දී මහින්ද රාජපක්‍ෂ මහතා ඒම දිස්ත‍්‍රික්ක 05න් ලබාගත්තේ ඡන්ද 345221කි. එහිදී ඔහු මහින්ද රාජපක්ෂ මහතාට වඩා ඡන්ද 225,761 ලබාගැනීමට සමත්විය. නමුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා එම ප‍්‍රමාණය අභිබවමින් 2015 දී එම දිස්ත‍්‍රික්ක 5න් සමස්ථයක් ලෙස ඡන්ද 978,111 ක් ලබා ගැනීමට සමත් විය. මෛත‍්‍රිපාල සිරිසේන මහතා ෆොන්සේකා මහතාට වඩා ඡන්ද 407,129ක් ලබා ගැනීමට සමත් වන්නේ විශේෂයෙන්ම උතුරේ ඡන්ද මධ්‍යස්ථානවල සවස 3න් පසුව අසාමාන්‍ය ලෙස වැටුණු හොර ඡන්ද නිසා බවට එම පළාත්වල සේවය කළ නිලධාරීහු ඇතුළු ජනතාව උපකල්පනය කරති.

සත්‍ය තත්වය
උතුරු ප‍්‍රදේශයේ ඡුන්ද මධ්‍යස්ථාන වල සවස 3 පසුව හෝ ඊට පෙර යම් වෙලාවකට පසුව වැටුණු ඡන්ද ප‍්‍රමාණය නිවැරදිව ගණනය කළ හැක්කේ මැතිවරණ නිලධාරීන්ගේ වාර්තා වලට අනුව පමණි. නමුත් මහජනයාට ලබා දීමට බැඳී සිටින අවම සංඛ්‍යාලේඛන හෝ තම වෙබ් අඩවියේ ප‍්‍රදර්ශනය නොකරන කොමසාරිස්වරයකු රහසිගත දත්ත ලබා දීමට උනන්දු නොවන බවට සැකයක් නැත. එහෙත් තර්ක ලෙස යම් හේතු දැක්වීමක් ඉදිරිපත් කළ හැක. උතුරේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදී දේශපාලන පක්ෂ සහ නායකයින්ගේ උවමනාව පැත්තෙන් ගත් විට ඔවුන්ගේ මැදිහත් වීමේ ප‍්‍රමාණය ෆොන්සේකා මහතා සහ මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර බරපතල ලෙස වෙනස් විය නොහැක.

ඒ නිසා බෙදුම්වාදීන් විසින් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජනතාවට කරනු ලබන නීත්‍යානුකූල බලපෑම් නිසා ෆොන්සේකා මහතාට වඩා දළ වශෙයන් දෙගුණයක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය ප‍්‍රකාශ කළ බව පිළිගත නොහැක. එසේම එම දිස්ත‍්‍රික්ක 05 තුළ නව ඡන්ද වැඩි වීම දළ වශයෙන් 150,000 ඉක්මවා යන්නේ නැත. ඒ අනුව ඒ වෙනස පැහැදිලි කළ හැක්කේ එම දිස්ත‍්‍රික්කවල ඡන්ද ප‍්‍රකාශ කළ ඡන්දදායකයන්ගේ ප‍්‍රතිශතය වැඩිවීම අනුවය. උදාහරණයක් ලෙස 2010 දී යාපනය දිස්ත‍්‍රික්කයේ ඡන්ද ප‍්‍රකාශ කරන්නේ 25.6% ක් පමණි. නමුත් 2015දී ඒම ප‍්‍රතිශතය 60.2% දක්වා දෙගුණය කට වැඩි ප‍්‍රමාණයකින් ඉහළ යයි. එම දිස්ත‍්‍රික්කයේ පමණක් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබාගත් ඡුන්ද ප‍්‍රමාණය 253,574 දක්වා ඉහළ යයි. එය 2010දී ෆොන්සේකා මහතා ලබාගත් ඡන්ද ප‍්‍රමානයට වඩා 139,697 ක වැඩි වීමකි. එම ප‍්‍රමාණය මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයට හේතු වූ වැඩි ඡන්ද ප‍්‍රමාණය වන 444,072 න් 30%කි. ඒ අනුව තර්කයක් ලෙස ඔහුගේ ජයග‍්‍රහණයෙන් තුනෙන් එකක් යාපනය දිස්ත‍්‍රික්කෙය්දී දැමුවා යැයි සැලෙකන හොර ඡන්ද වලට බැර කළ හැක. (කෙසේ වෙතත් ෆොන්සේකා මහතා හමුදා නායකෙයක් වීම නිසා 2010 දී ඡන්දය දැමූ ප‍්‍රතිශතය අඩු වූ බව ද පිළිගත හැක.)

2.4 උපකල්පනය
මහින්ද රාජපක්ෂ මහතා 2015 දී දකුණේ දිස්ත‍්‍රික්ක වලින් ලබාගත් ඡන්ද ප‍්‍රමාණය 544,4580ක් වූ අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබාගත් ඡන්ද ප‍්‍රමාණය ඡන්ද 5,239051 කි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා විසින් මෛත‍්‍රිපාල සිරිසේන මහතාට වඩා ඡන්ද ලක්ෂ දෙකක් (2000,00) ලබාගෙන ඇත. එහෙත් ඔහුට ජයග‍්‍රහණයය කළ නොහැකි වන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වලින් මෛත‍්‍රිපාල සිරිසේපාල මහතා මහින්ද රාජපක්ෂ මහතාට වඩා ඡන්ද ලක්ෂ හයක් (600,000) ලබා ගන්නා නිසාය. ඒ නිසා ඉදිරි මැතිවරණ වලදී ජයග‍්‍රහණය කළ හැක්කේ උතුරු නැගෙනහිර පළාත්වලින් වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගත හැකි අපේක්ෂකයාට පමණි.

සත්‍ය තත්වය- (පළමු තර් කය)
එම තර්කය එක්තරා ආකාරයක මුග්ධ තර්කයක් ලෙස සැලකීම වරදක් නොවේ. 2010 දී මහින්ද රාජපක්ෂ මහතා ෆොන්සේකා මහතාට එරෙහිව ජයග‍්‍රහණය කිරීමේ දී උතුරු නැගෙනහිර පළාත් වල දිස්ත‍්‍රික්ක පහෙන් ලබාගැනීමට සමත් වන්නේ ඡන්ද , 345,221කි. එය ඔහු විසින් 2015 මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව එම දිස්ත‍්‍රික්ක 5 න් ලබාගන්නා ඡන්ද ප‍්‍රමාණය වන 332,360ට දළ වශයෙන් සමාන වේ. එසේනම් 2010 වසරේ දී ටී.එන්.ඒ පක්ෂයේ නායකයින් ඇතුළු සියලූ බෙදුම්වාදී, ජාතිවාදී කප්පම් කරැුවන්ගේ ආශිර්වාදය ලබාගත් ෆොන්සේකා මහතා වැඩි ඡන්ද ලක්ෂ 18 කින් පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වන්නේ දකුණේ දිස්ත‍්‍රික්ක වලින් බහුතරය ලබා ගත් නිසාය. වෙනත් වචන වලින් කියන්නේ නම් එදා ඔහු ජයග‍්‍රහණය කලේ බහුතරයේ බහුතරය සහ සුළුතරයේ සුළුතරය ලබා ගැනීමෙනි. එසේ නැතහොත් ෆොන්සේකා මහතා සුළුතරයේ බහුතරය ලබා ගත්තත් බහුතරයේ බහුතරය ලබා ගැනීමට අසමත් වීම නිසා ය.

සත්‍ය තත්වය – (දෙවන තර් කය)
එදා 2015 දී දකුණේ දිස්ත‍්‍රික්කවලින් මහින්ද රාජපක්ෂ මහතා විසින් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වඩා ලක්ෂ දෙකකට වඩා වැඩි ඡන්ද ලබාගත් බව සත්‍යයකි එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ෆොන්සේකා මහතාට එරෙහිව එම දිස්ත‍්‍රික්ක වලින් ලබාගත් ඡන්ද ප‍්‍රමාණයට සාපේක්ෂව එය ඉතා අඩු ප‍්‍රමාණයකි. එසේම 2015 දී මෛත‍්‍රිපාල සිරිසේන මහතා උතුරේ පමණක් නොව දකුණේ දිස්ත‍්‍රික්ක වලින් ලබාගත් ඡන්ද ප‍්‍රමාණය 2010දී ෆොන්සේකා මහතා ලබාගත් ඡන්ද ප‍්‍රමාණයට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතී. ඒ තුලින් ප‍්‍රධාන වශයෙන් පෙන්වන්නෙ 2010 සිට 2015 වන විට දකුණේ දිස්ත‍්‍රික්ක වල මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප‍්‍රියතාවය සාපේක්ෂව බිඳ වැටීම ය.

උදාහරණයක් ලෙස සිංහල ජනතාව බහුතරයක් ජීවත්වන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල යන දිස්ත‍්‍රික්ක 5න් 2015දී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද ප‍්‍රමාණය 2010 දී එතුමා විසින් ලබාගත් ඡන්ද ප‍්‍රමානයට වඩා 158,928 කින් අඩුවිය. ඊට සාපේක්ෂව එම දිස්ත‍්‍රික්ක පහෙන් පමණක් 2015 දී මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලබාගත් ඡන්ද ප‍්‍රමාණය 2010දී ෆොන්සේකා මහතා ලබාගත් ඡන්ද ප‍්‍රමානයට වඩා ඡුන්ද 684,298 කින් වැඩිවිය. එම දිස්ත‍්‍රික්ක පහට අයත් සමස්ත මුස්ලිම් ඡන්ද ප‍්‍රමාණය 167,900 කි. එය දළ වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට එම දිස්ත‍්‍රික්ක වලින් අහිමි වූ ඡන්ද ප‍්‍රමාණයට සම කළ හැක.

2015 දී සමස්ත රටේම වැඩිවූ තරුණ ඡන්ද හෙවත් නව ඡන්ද ප‍්‍රමාණය 955,990 කි. ඒ අනුව මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ෆොන්සේකා මහතාට වඩා ඉහත දිස්ත‍්‍රික්ක 5න් ලබාගත් ඡන්ද ලක්ෂ 7 කට ආසන්න ප‍්‍රමාණය තුළ අතිබහුතරයක් නව ඡන්ද අඩංගු වන බව තහවුරු වේ. ඊට අමතරව මෛත‍්‍රීපාල සිරිසේන මහතා එම දිස්ත‍්‍රික්ක පහෙන් එතරම් විශාල ඡන්ද ප‍්‍රමාණයක් ලබා නොගන්නේ නම් උතුරු නැගෙනහිර වැඩි ඡන්ද වලින් පමණක් ඔහුට ජයග‍්‍රහණය කිරීමට ලැබෙන්නේ නැත. වෙනත් වචනවලින් කියනවා නම් මහින්ද රාජපක්ෂ මහතා විසින් දකුණේ දිස්ත‍්‍රික්කවල පැවති තත්වය වෙනස් කළානම් ඔහු පරදින්නේ නැත.

2.5 උපකල්පනය
මහින්ද රාජපක්ෂයන් 2015 දී බහුතර සිංහල ඡන්ද වලින් 60% ක් ලබාගන්නට සමත් වුවද සුළු ජාතික ඡන්ද වලින් බහුතහුතරයක් ලබා ගත නොහැකි වූ නිසා ජයග‍්‍රහණය කළ නොහැකි විය.

සත්‍ය තත්වය
මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවලින් ලැබුණු සිංහල ඡන්ද ප‍්‍රතිශතය පිළිවෙළින් 55%ක් සහ 45% කි. එම ප‍්‍රමාණය 60% දක්වා ඉහළ දමා ගත්තා නම් ඔහුට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් අමතර සිංහල ඡන්ද 64,818 ක් සහ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් අමතර සිංහල ඡන්ද 80,544ක් වශයෙන් එම දිස්ත‍්‍රික්ක දෙකෙන් පමණක් ඡන්ද 145,362ක් අමතරව ගත හැකිව තිබුණි. එම ප‍්‍රමාණය ඉහත සඳහන් කළ දිස්ත‍්‍රික්ක 5න් අහිමි වූවා යැයි සැලකිය හැකි සමස්ත මුස්ලිම් ඡන්ද ප‍්‍රමාණයට දළවශයෙන් සමාන වේ. කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර යන දිස්ත‍්‍රික්ක 4 තුළ මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් සුළු ජාතික ඡන්ද ප‍්‍රතිශතය 5% දක්වා ඉතා පහත වැටුණි.

ඊට මූලික හේතුව ජාතිවාදී මුස්ලිම් පක්ෂවල නායකයින් දෙදෙනෙක් මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පැත්තතට පැනීම ද එසේ නැතහොත් චම්පික – රාජිත මුස්ලිම් විරෝධී කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිඵලයක්ද යන්න ගැඹුරින් විග‍්‍රහ කළ යුතුය. බොහෝ විට ඒ දෙකම විය හැක. කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්ක දෙකෙන් පමණක් බහුතර සිංහල ජනතාවගෙන් අමතර 5% ක් මහින්ද රාජපක්ෂට ඡන්දය ප‍්‍රකාශ කළා නම් මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ වැඩි ඡන්ද ප‍්‍රමාණය 145,362 කින් අඩුවේ. ඊට අමතරව කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර මධ්‍යස්ථ මුස්ලිම් ජනතාවගෙන් 15% දක්වා මුස්ලිම් ඡන්ද ප‍්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබා ගත්තා නම් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වැඩි ඡුන්ද ප‍්‍රමාණය තවත් 115,000 කින් අඩුවේ. එසේ වූවා නම් මෛත‍්‍රිපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 76,652 කින් පරාජය වේ.

2.6 උපකල්පනය
ටී.එන්.ඒ. පක්ෂයේ බෙදුම්වාදී ජාතිවාදී නායකයන්ට උතුරු සහ නැගෙනහිර පළාත්වල ඡුන්ද දායකයින්ගේ මතය ඔවුනට උවුවමනා ආකාරයට වෙනස් කළ හැක. මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2015 ජයග‍්‍රහණය කරන්නේ එසේ එම නායකයින් විසින් සුළුතරයේ බහුතරය ඔවුනට ලබා දුන් තත්වයක් යටතේය. ( නමුත් ඒහිදී එසේ සුළුතරෙයන් යම් බහුතරයක් ලබා දීමට ටී.ඒන්.ඒ පක්ෂය ක‍්‍රියා කළත් 2010 දී ෆොන්සේකා මහතා පරාජය වන්නේ කෙසේදැයි ඔවුන් විසින් පැහැදිලි කරන්නේ නැත.) ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කළ හැක්කේ සුළු ජාතික ජාතිවාදී බෙදුම්වාදී කප්පම්කරුවන්ගේ කොන්දේසි වලට යටත්වීමෙන් පමණි.

සත්‍ය තත්වය
ටී.එන්.ඒ. පක්ෂය 2018 පළාත් පාලන මැතිවරණයේ දී උතුරු පළාතෙන් ලබාගන්නේ 34.7%ක ඡන්ද ප‍්‍රතිශතයකි. එසේම ඔවුන් නැගෙනහිර පළාතෙන් ලබාගන්නේ 24.8% ක් පමණි. ඒ ඔවුන්ගේ සැබෑ ඡන්ද පදනම් බව පිළිගත හැක. මහින්න්ද රාජපක්ෂ මහතා 2015 දී ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ පවා යාපනය දිස්ත‍්‍රික්කයෙන් 21.8% ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත්තේ ය. ඒ ඡන්ද දැමීමේ ප‍්‍රතිශතය 25% මට්ටමේ තිබියදීය. ටී.ඒන්.ඒ්. පක්ෂය නිර් දේශ කරන අපේක්ෂකයාට එම පක්ෂයේ මූලික ඡන්ද
පදනමට අමතරව තවත් ඊට සමාන ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගැනීමට හැකි වන්නේ එම අපේක්ෂකයා බලයට පත් කිරීමෙන් පොදුවේ දෙමළ ජනතාවට වැඩි යහපතක් සිදු වනවා යන අපේක්ෂාව ජනිත කිරීමෙනි.

නමුත් දකුණේ සිංහල බහුතරය නියෝජනය කරන පක්ෂ විසින් උතුරු නැගෙනහිර සෙසු පළාත්වල දෙමළ ඡන්ද ලබා ගැනීම සදහා ටී.එන්.ඒ. පක්ෂය ඉදිරිපත් කරන බෙදුම්වාදී මතයට වඩා ආකර්ශනීය මතයක් ගොඩ නගන්නේ නැත. ඔවුන් සෑම විටම බෙදුම්වාදී නායකයින් සමග ‘ඞීල් දමා’ වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගැනීමේ උපාය මාර්ගය අනුගමනය කරන බව පැහැදිලිව පෙනේ. නමුත් බෙදුම්වාදී කප්පම්කරුවන්ට යටත
නොවන අතර ඔවුන් සමග අනවශ්‍ය ගැටුමකට දායක නොවී මධ්‍යස්ථ දෙමළ ජනතාවගෙන් අවම වශයෙන් 20% දිනාගැනීම ඉතා සරල අභියෝගයක් බව පැහැදිලිව පෙනේ. ඒ සඳහා මූලික වශයෙන් අවශ්‍ය වන්නේ චම්පික – රාජිත මුස්ලිම් විරෝධී මෙහෙයුමේ සහ පසුගිය ජාතිවාදී ගැටුම් වල සත්‍ය හෙළිදරව් කිරීම සහ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවට සමානව සලකන සහ උතුරේ කුල පීඩනය අවසන් කරන පාලනයක් බිහිකරන බව සත්‍යගරුකව මෙන්ම විශ්වාසනීය ලෙස තහවුරු කිරීමය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More