දේශීය පුවත්

දෙමළ ජනතා පක්ෂය (ටී.එම්.කේ.) නමින් නව දේශපාලන පක්ෂයක් තමන් විසින් පිහිටුවන ලද්දේ දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් ඇති කිරීමට නොවන බවත් ටී.එන්.ඒ උගුල්වලට හසු නොවී තම පක්ෂයට එකතු වන්නැයි දෙමළ ජනතා පක්ෂයේ නායක හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සි.වී. විග්නේශ්වරන් මහතා කියා සිටියේය.

විග්නේශ්වරන් මහතා මේ බව කියා සිටියේ ටී.එම්.කේ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම යාපනය නල්ලූර් මාර්ගයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම මධ්‍යම කාරක සභාවේදී දෙමළ ජනතා පක්ෂයේ මධ්‍යම කාරක සභාව සංශෝධනයට ලක් කරමින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත නව මධ්‍යම කාරක සභාවක්ද පිහිටුවා ගෙන තිබේ.

එහිදී අදහස් දැක්වූ විග්නේශ්වරන් මහතා කියා සිටියේ

‘‘දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් ප්‍රතිපතිති නිසා ඔවුන් සමග එකට එක්ව දේශපාලනයේ නිරතවීමට නොහැකි වූ වාතාවරණයක් ගොඩ නැගීම නිසයි එම පක්ෂයෙන් ඉවත්වෙන්න තීරණයක් ගත්තේ තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙන යාමට සූදානම් දෙමළ ජාතික සන්ධානය ඉතාමත්ම යටි කූට්ටු වැඩ පිළිවෙලක් දියත් කරමින් තමන්ව එම පක්ෂයෙන් ඈත් කිරීමට කටයුතු කළා ඒ වගේම කුමන හේතුවක මතවත් මම මීළගට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යධුරයට තරග කිරීමට ගෙන ඇති තීරණය වෙනස් කරන්නේ නැහැ.

‘දෙමළ ජාතික සන්ධානයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවය මේ දිනවල දැක ගන්න පුලුවන් ඕනෑම අයෙකුට ඔවුන්ගේ උගුලේ හසු නොවී ටී.එම්.කේ. පක්ෂය සමග එකතුවීමට මෙය හොඳ අවස්ථාවක් මේ පක්ෂය යළි කිසිම විටක දෙමළ ජාතික සන්ධානය සමග ගණුදෙනුවක් කරන්නැහැ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගොස් සිටින සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය සමගත් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ සමගත් ඕනෑම වේලාවක කටයුතු කිරීමට ගණුදෙණු කිරීමට සූදානම්. යනුවෙන් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More