ජාතික සමතා බලවේගය පිහිටුවන්නේ සියලු ජාතික බලවේග එක ධජයක් යටතේ සංවිධානය කිරීමට සහ රට බෙදන ව්‍යවස්ථා ක්‍රියාවලිය පරාජය කිරීමට බව අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ජාතික සමතා බලවේග විසින් අද(22) කැඳවා තිබූ නියෝජිත මහ සමුළුව පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදීය.
එම සමුළුව ජනවාරි 24 වන දින සවස 3.00 ට තුම්මුල්ල, සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත්වෙන බව ඒ මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් කතා කළ ඒ මහතා සඳහන් කළේ ජාතික සමතා බලවේගය ගොඩ නඟන්නේ සිංහල බෞද්ධ ජාතික බලවේග පමණක් නොව ජාතිවාදයට, බෙදුම්වාදයට, අන්තවාදයට, විරුද්ධ වන සුළු ජාතික බල බලවේග ද එක කොඩියක් යටතට ගෙන ඒම සඳහා බවය.
මෙම මාධ්‍ය හමුවට ජාතික සමතා බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න,විශ්‍රාමලත් හිටපු නියෝජ්‍ය පොලිස්පති කොටකදෙණිය, අනුරාධා යහම්පත් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.
ජාතික සමතා බලවේගයේ මූලික අරමුණ රට බෙදන ව්‍යවස්ථා ක්‍රියාවලිය පරද වන්නයි –
ජාතික සමතා බලවේගයේ මූලික අරමුණ රට බෙදන ව්‍යවස්ථා ක්‍රියාවලිය පරද වන්නයි – අද්මිරාල් සරත් වීරසේකර
Gepostet von Lanka Lead News am Dienstag, 22. Januar 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...