පුරාවිද්‍යා වටිනාකමකින් යුත් දාගැබක් මත නැගි ඡායාරූප ගත් සරසවි සිසුන් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විරෝධතාවයක් පැන නැගි තිබේ.
මෙලෙස ඡායාරූප ගෙන ෆේස්බුක් වෙබ් අඩවියට මුදා හැර ඇති එක් අයෙකු තමන් සරසවි සිසුවෙක් බව හදුන්වා දී තිබුණි.
මෙලෙස අනුරාධපුරයේ පිහිටා තිබෙන පෞරාණික දාගැබක් මත නැගි ඡායාරූප ගත් පිරිස අතර අග්නිදිග සරසවියේ ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසක්ද සිටින බව හෙළි වි ඇත.
මෙලෙස පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන හා ආගමික ස්ථානයකට අගෞරව කිරිම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට එරෙහිව වගකිවයුතු අංශ ක්‍රියාත්මකවී ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වි නැහැ.
මීට පෙර මෙවන් අවස්ථා කිහිපයකදීම එල්ල වූ විරෝධය මත අදාල පුද්ගලයන් සම්බන්දයෙන් නීතිය ක‍්‍රියාත්මක කෙරින.








ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...