දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධියේ සැකපිට දැනට රක්ෂිත භාරයේ සිටින ඉන්දියානු ජාතික මර්සිලි තෝමස් නමැත්තා හමු වූ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ යන තිදෙනාගෙන් ලබන සතියේ ප්‍රකාශ සටහන් කරගැනීමට කටයුතු කරන බව රහස් පොලීසිය ඊයේ (21) අධිකරණයට දන්වා සිටියේය.

ඉන්දියානු ජාතිකයා විමල් වීරවංශ මහතාගේ නිවසට ගොස් ශෂී වීරවංශ මහත්මිය හමු වීම සහ නාමල් රාජපක්ෂ මහතා හමු වීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට මේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත් රහස් පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ ඊයේ දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා දෙන ලෙස එම තිදෙනා වෙත දැනුම් දී ඇති බව කී රහස් පොලිසිය ඔවුන් ලබන සතියේ රහස් පොලීසියට පැමිණෙන බවට දන්වා ඇතැයි කියා සිටියේය.

රහස් පොලිසිය අධිකරණයට මේ බව කියා සිටියේ ඊයේ එම සිද්ධියට අදාළව ඇති නඩුව කැඳ වූ අවස්ථාවේ දීය.

ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සහ ඉන්දියානු ජාතිකයා අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන් දෙදෙනා ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More