දේශීය පුවත්

මහ මැතිවරණයකට පෙර නියමිත පරිදි ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි බලපෑම් කරමින් සිටි එ.ජා.ප.ය. එම අදහස අතහැර මහ මැතිවරණයක් පැවැත්වීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බව දැනගන්නට ලැබි ඇත.

දෙමළ ජාතික සන්ධානය පසුගිය කෙටි කාලයක් තුළ රජයට හා එ.ජා.ප. නායකත්වයට කරන බලපෑම නිසා එ.ජා.ප.යේ සිංහල ඡන්ද පදනම බිඳ වැටෙමින් තිබෙන බව මන්ත්‍රීවරුන් පෙන්වා දීමෙන් පසු එ.ජා.ප.ය. මහමැතිවරණයක් යෝජනා කිරීමට මූලික හේතුව වී ඇති බව සඳහන්ය.

මේ අතර ජනාධිපතිවරයා විසින් ඉකුත් සිවු වසරක කාලය තුළ ආණ්ඩුවේ දූෂණ වංචා අක්‍රමිකතා සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමද එ.ජා.ප.ය මහ මැතිවරණයකට තල්ලු කිරීමට ප්‍රබල හේතුවක් වී ඇති බවද සඳහන් වේ.

මේ අනුව ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම ස්ථීර වනු ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More