දේශීය පුවත්

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් සකස් කර නැති බව රජය පුන පුනා කීවත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලියැවිල්‍ලේ ඉතාම පැහැදිලිව හඳුන්වා ඇත්තේ ව්‍යවස්ථා කෙටුම්පත (Constitution draft) යනුවෙන් යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ පෙන්වා දෙති.

රජය මෙහෙයවන බටහිර සුද්දන්ට සත්‍ය දැනගැනීමට සලස්වා අගමැති රනිල් වික්‍රමසිංහ සිංහල ජනතාව නොමග යවමින් සිටින බව එයින් පැහැදිලි වන්නේ යැයිද උන්වහන්සේ සඳහන් කරති.

මේ සත්‍ය හෙළිදරව් කරන තමන්වහන්සේ ඇතුළු සියලු දෙනාට බොරු චෝදනා එල්ල කරමින් හිංසාවට පත්කිරීමට රජය පිඹුරුපත් සකස්කළද ඒ කිසිදු බලපෑමකට යටත් නොවී මෙරටේ ඒකීයභාවය හා ජාතික ආගමික සමගිය වෙනුවෙන් ආරම්භ කර ඇති කිසිම දෙයක් අතර මග නතර නොකරන බවද උන්වහන්සේ සඳහන් කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More