යෝජිත නව ව්‍යවස්තාව අනුව පොලිස් දෙපාර්තමේන්තුව කොටස් 10කට කඩා වෙන් කිරිමට යොජනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.
එම යෝජිත නව ව්‍යවස්තාවේ 254වන ඡේදයේ එම කරුණු සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා අවදාරණය කළේය.
ඔහු මේ බව පැවසුවේ අද (21) කොළඹ එම පක්ස කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
පසුගිය යුද සමයේ ඉන්දියාව සහ නොර්වේ වැනි රටවල් එල්.ටී.ටී.ඊ සංවිධානයට රහසින් උදව් කළේ අන්තර් ජාතික නීතියට අනුව ත්‍රස්තවාදින් උදව් කිරිම නීති විරෝධි බැවින් බව මන්ත්‍රීවරයා පවසයි.
නමුත් මෙලෙස පොලිස් දෙපාර්තමේන්තුව කොටස් කිරිම තුලින් උතුරේ වෙනමම පොලීසියක් බිහි වුවහෝත් එයට රහසින් උදව් කිරිමට අවශ්‍ය නොවන බවත් එය නීත්‍යනුකුල හමුදාවක් බවට පත් වන බවත් මන්ත්‍රීවරයා එහිදි පැවසීය.
යෝජිත නව ව්‍යවස්තාව සම්මත වුවහොත් ඉදිරියෙදි සී.වි විග්නේෂ්වරන් මහතාගේ අණ පිලිපදින පොලීසියත් ජනාධිපතිවරයාගේ අණ පිලිපදින හමුදාවත් අතර යුද්ධයක් ඇති වීමට ඉඩකඩ ඇති බවද ඔහු පැවසීය.
එහිදි මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නව පක්ෂයක් ආරම්භ කරමින් ඡන්දයට පැමිණේන බවට ඇති ආරංචි සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේය.
එයට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා පැවසුවේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහත්මිය වර්ථමානයේ සිටින්නේ කල් ඉකුත් වී කුණු වු පුඩිමක් ලෙසින් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...