දේශීය පුවත්

වනාතවිල්ලුව අධි බලැති පුපුරන ද්‍රව්‍ය හමුවීමේ සිදුවීම පිටුපස සිටින අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බස්නාහිර පළාත් ප්‍රබල දේශපාලනඥයා අත්අඩංගුවට ගෙන, ප්‍රශ්න කොට කඩිනමින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ අන්තවාදී, මූලධර්මවාදී බියෙන් පසුවන ආණ්ඩුවට බලකර සිටී.

අද(21) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී එහි ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මෙසේ බල කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“වනාතවිල්ලුව ප්‍රදේශයේ ලැක්ටෝවත්ත නම් අක්කර 80ක පොල්වත්තේ තිබී හමු වූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය හා ගිනි අවි තොගය පිළිබඳව මේ රටේ ජනතාවගේ බරපතළ අවධානය යොමු විය යුතුයි.් හනීෆා නැමැති පුද්ගලයාට අයත් මේ පොල්වත්තේ පිහිටි නිවසේ තිබී අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ සීයකට වැඩි ප්‍රමාණයක්, බෝම්බ පිපිරවීමට යොදා ගන්නා ඩෙටනේටර් 700ක පමණ ප්‍රමාණයක් රහස් පොලිසිය විසින් පසුගිය 16 වැනි දා රාත්‍රියේ සොයාගනු ලැබුවා. එහිදී සති 2කට ප්‍රමාණවත් වියළි ආහාර තොගයක්, ලැප්ටොප්, ජංගම දුරකථන, නයිටි්‍රක් ඇසිඞ් ලීටර් 120, පතොරම් තුවක්කු, වායු රයිපල් ආදී දේවල් ද මේ නිවසේ තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘බුදු පිළිම කැඩූ මහමොළකරුවෝ’

මේ වැටලීමේදී හනීෆා නැමති වතු හිමියාට අමතරව ෆායිස්, හමීර්, නවීන් නැමැති මුස්ලිම් තරුණයන් තිදෙනෙක් ද වත්තේ සැඟව සිටියදී රහස් පොලිසියට හමුවූවා. රහස් පොලීසිය වනාතවිල්ලුව ප්‍රදේශයේ වැටලීම් සිදු කරන්නේ මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුස්ලිම් තරුණයන්ගේ කටඋත්තර අනුවයි. මේ බුදු පිළිම කැඩීමේ සිදුවීමෙහි ප්‍රධාන සැකකරුවන් දෙදෙනා, ඊබ්‍රාහිම් නැමති එකම පවුලේ සොයුරන් දෙදෙනෙක්. එම සිදුවීම සිදුවී දින කිහිපයක් ඇතුළත ඔවුන් දෙදෙනා පොලිසියට බාර දෙන බවට කෑගල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානියකුට බස්නාහිර පළාතේ මුස්ලිම් දේශපාලනඥයකු පොරොන්දු වී තිබුණා. නමුත් එම පොරොන්දුව මාසයක් පමණ කාලයක් තිස්සේ ඉටුවී නැහැ. පසුව බුදුපිළිම කැඩීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුවයි මේ වැටලීම සිදු වන්නේ.

අයි. එස්. අයි. එස්. ක්‍රියාකාරකම්

මෙසේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය රැස් කළේ ඇයි ? මේ මුස්ලිම් තරුණයන් මෙහෙයවූයේ කවුද? ඔවුන් ඉටු කරන්නේ කාගේ උවමනාවක් ද? අන්තවාදී – ජාතිවාදී – බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් වසර 30ක් තිස්සේ බැට කෑ සිංහල – දෙමළ – මුස්ලිම් ජනතාව මේ පිළිබඳව දැඩි සේ විමසිලිමත් විය යුතුයි. ගලේවෙල උපන් මුස්ලිම් ජාතිකයකු අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදියකු ලෙස සිරියාවේ දී මියයාම, අලුත්ගම, දිගන, අම්පාර ජාතිවාදී ගැටුම් ඇවිලවීම, මාවනැල්ලේ බුදු පිළිම කැඩීම හුදකලා සිදුවීම් නොවෙයි. මේ සියල්ල එකම උවමනාව අනුව දියත් වන ඒවා. ඒ නිසයි ජාතියක් ලෙස අපි මේ පිළිබඳව දැඩි සේ විමසිලිමත් විය යුතුයි.

ඊබ්‍රාහිම්ලා අත්අඩංගුවට නොගන්නේ ඇයි ?

පොලිස්පතිවරයා වහාම කෑගල්ලේ පොලිස් ප්‍රධානියාට ඊබ්‍රාහිම් නැමැති බුදු පිළිම කැඩීමට සම්බන්ධ මුස්ලිම් තරුණයන් දෙදෙනා භාර දෙන බවට පොරොන්දු වූ බස්නාහිර පළාතේ ප්‍රබල දේශපාලනඥයා කවුදැයි සොයා බැලිය යුතුයි. ඔහුගෙන් ප්‍රශ්න කර ඊබ්‍රාහිම් සොයුරන් සොයාගත හැකියි. එවිට වනාතවිල්ලුව සිදුවීම පිටුපස සිටින අන්තවාදීන්, මූලධර්මවාදීන් හඳුනාගත හැකි වේවි. නමුත් මෙතෙක් කලක් ඊබ්‍රාහිම් සොයුරන් අත්අඩංගුවට නොගත්තේ මේ අන්තවාදී මූලධර්මවාදීන්ට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බය නිසයි.
අද මේ රට සම්බන්ධයෙන් තීරණ ගන්නේ ‘රනිල් – මලික් – සුමන්දිරන් – අනුර කුස්සි කැබිනෙට්ටුව’ විසිනුයි. මේ කුස්සි කැබිනෙට්ටුව දෙමළ හෝ වේවා, මුස්ලිම් හෝ වේවා අන්තවාදී මූලධර්මවාදීන්ට බයයි. ඔවුන්ට එරෙහිව පියවර ගන්නේ නැහැ. බස්නාහිර පළාතේ ප්‍රබල මුස්ලිම් දේශපාලනඥයාගෙන් ප්‍රශ්න කළා නම් බුදු පිළිම කැඩීමට නායකත්වය දුන් ඊබ්‍රාහම් සොයුරන් අත්අඩංගුවට ගත හැකියි. ඔවුන්ගෙන් ප්‍රශ්න කළොත් වනාතවිල්ලුව පොල් ඉඩමේ පිහිටි අයි. එස්. අයි. එස්. කඳවුරට අධිබලැති පුපුරන ද්‍රව්‍ය ලැබුණු හැටි සහ ඔවුන්ගේ ඉදිරි සැලසුම් දැනගත හැකියි.

‘සැබෑ මුස්ලිම් ජනනායකයන්ට ආයාචනයක්!’

එදා ලාංකීය අර්ථයෙන් දේශපාලනය කළ ඇල්ෆ්‍රඞ් දොරේඅප්පා මරාගෙන තමයි වේළුපිල්ලේ පිරබාහරන්ගේ මිනීමරු කොටි ත්‍රස්තවාදය බිහි වුණේ. නීලන් තිරුචෙල්වම්, ලක්ෂ්මන් කදිරගාමර් වැනි ලාංකීය අර්ථයෙන් දේශපාලනය කළ පිරිස අපට අහිමි වුණේ ඇල්ප්‍රඞ් දොරේඅප්පා ඝාතනය ඇරඹි මුල් පැයේදීම කොටි ත්‍රස්තවාදයට අපි නිසි පිළිතුරු නොදුන් නිසයි. අද මේ ඊබ්‍රාහිම්ලා සහ ඔවුන්ට රැකවරණය දෙන මුස්ලිම් දේශපාලනඥයන් සූදානම් වෙන්නේ ලාංකීය අර්ථයෙන් දේශපාලනය කරන ජාතිකවාදී මුස්ලිම් දේශපාලනඥයන් පිරිසත් මරාගෙන තමන්ගේ අන්තවාදී – මූලධර්මවාදී – ෆැසිස්ට් ගමන යන්නයි. ඒකටයි මේ අවි ආයුධ, අධිබලැති පුපුරන ද්‍රව්‍ය ගොඩගහන්නේ. ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින, ලාංකීය අර්ථයෙන් දේශපාලනය කරන මුස්ලිම් ජනනායකයන් මේ මොහොතේ මේ රට ලේ විලක් කළ හැකි අන්තවාදී – මූලධර්මවාදී කල්ලි පැරදවීමට පෙරමුණ ගත යුතුයි. ඔවුන් සමඟ ජාතික සමගියේ නාමයෙන් අත්වැල් බැඳ ගැනීමට අපි සූදානම් බව ද අවධාරණය කිරීමට කැමතියි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

වනාතවිල්ලුවේ අන්තවාදීන්ට රැකවරණය දෙන බස්නාහිර පළාතේ දේශපාලනඥයා කවුද?

වනාතවිල්ලුවේ ISIS අන්තවාදීන්ට රැකවරණය දෙන බස්නාහිර පළාතේ දේශපාලනඥයා කවුද? – ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර 2018-01-21 මාධ්‍ය හමුව

Gepostet von Jathika Nidahas Peramuna am Sonntag, 20. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More